උ. පෙළ විභාගය 23දා අරඹන්න සියල්ල ලෑස්තියි – නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

211

ජනවාරි 23 වැනිදා ආරම්භවීමට නියමිත උසස් පෙළ (2022) විභාගය නියමිත පරිදි පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (01 දා) පැවසීය.

අමිත් ජයසුන්දර මහතා වසර 20කට අධික කාලයක් විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට, නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම ලබන විට ඒ මහතා එම දෙපාර්තමේන්තුවේ පාලන සහ විමර්ශන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. වෙන්නප්පුව ජෝෂප් වාස් විiාලයේ අධ්‍යාපනය ලබා ඇති ජයසුන්දර මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයෙන් උපාධිය ලබාගෙන ඇත. මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර පියවර ගනිමින් සිටින බවත්, එයට කඩදාසි හෝ වෙනත් ලිපි ද්‍රව්‍යවල අඩුවක් නොමැති බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment