උ.පෙළ විභාග කාලයේ විදුලිය කැපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – ස්ටාලින් කියයි

93

දිගින් දිගටම විදුලිය කපමින් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අහිංසක දරුවන්ට, ආණ්ඩුව කරන මානසික හිරිහැරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

මෙය තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද හෙතෙම කීය.

දිගින් දිගටම දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන ආණ්ඩුවට ළඟදීම දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙනු නිසැක බවද ඔහු කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාලින් මහතා මෙසේද කීය.

රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනයත් එක්කයි මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නේ. උසස් පෙළ විභාගය ලියන දරුවන් අසරණ කරලා ඔවුන් මානසිකව වට්ටමින් දිගටම විදුලිය කපනවා. මේ ක්‍රියාව මොන තරම් සාහසිකද? මේක තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. දරුවන්ගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් විදුලිය කපන්නේ නැතුව ඉන්න රුපියල් මිලියන 5 ක් වැය කරන්න බැරි ආණ්ඩුවක් මොකටද? විදුලිබල ඇමැති කංචන කාවද මේ රවට්ටන්නේ. ගිය වසරේ තියන්න ඕන උසස් පෙළ විභාගය දැන් තියන්නේ. කාගේ වරදින්ද මේක වුණේ. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ආණ්ඩුව.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment