උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග දෙසැම්බර් මුල් සතියේ

63

අවස්ථා කීපයකදී කල්දැමුණු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව (2022) විභාග දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 04 (ඉරිදා) දිනයේදී ද දෙසැම්බර් 05 වැනිදා සිට 2023 ජනවාරි මුල දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්‍ෂ අටක පමණ පිරිසක් සහභාගිවීමට නියමිතය.

මේ වසරේ මාර්තු මස පැවැති සාමාන්‍ය පෙළ (2021) විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 15 වැනිදා සිට පැවැත්වීමට නිමිතය. එය දින 10 ක් පමණ පැවැත්වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment