උ.පෙළ සමතුන් පන්දහසකට පෞද්ගලිකව උපාධි ගන්න රජයෙන් පොලී රහිත ණය

122

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් තවත් පන්දහසකට රාජ්‍ය නොවන උපාධි පිරිනමන පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වී අදාළ පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මේ වන විට අදාළ ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍ය කණ්ඩායම් පහක් එම පහසුකම ලබාගෙන ඇති අතර හයවන ශිෂ්‍ය කණ්ඩායමද හඳුනාගෙන අවසන්ව ඇත. අදාළ සිසුන් පන්දහස අයත් වන්නේ හත් වැනි කණ්ඩායමටය.

මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේදය යටතේම පොලී රහිතව අදාළ ණය මුදල ප්‍රදානය කිරීම සඳහා රජය ගත් තීන්දුවකට අනුව අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවී තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment