ඌරන්ට ඇද්ද විදුලි රැහැනට තරුණයෝ දෙදෙනෙක් බිලි – යාළුවාට කෘතිම ශ්වසනය දෙන විට විදුලියේ පැටලිලා

256

* පතල් කපන්න යන විට අනතුරක්:

* එක් අයෙක් ලංවිම සේවකයෙක්


වල් ඌරන් දඩයම් කිරීමට යොදා තිබූ අනවසර විදුලි රැුහැනකට හසුවූ තම මිතුරා බේරා ගැනීමට  ගිය විදුලි බල මණඩලයේ සේවකයකු ද මිතුරා සමගම විදුලි රැුහැනට හසුවීමෙන් පසුගිය 11 වැනිදා රාත‍්‍රි 8.30 ට පමණ මියගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බටලන්ද, සිංහපුර පදිංචි ටී. ඞී. දිනේෂ් කුමාර (30) සහ ආර්. එම්. පුන්සිරි පුෂ්පකුමාර (39) නමැති දෙදෙනෙකි.

තවත් මිතුරන් දෙදෙනකු සමග මියගිය දෙදෙනා මැණික් පතල් කැපීමට කුඹුරක් හරහා යෑමට උත්සාහ කිරීමේදී කුඹුරට යොදා තිබූ අනවසර විදුලි රැුහැන්වලට පැටලී විදුලිසර වැදී මරුමුවට පත්ව ඇතැයි පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. මුලින්ම කුඹුරට බැසගත් දිනේෂ් අනවසර විදුලි රැුහැනට හසුවූ විට විදුලි බල මණඩලයේ සේවකයකු වූ පුන්සිරි තම මිතුරා බේරා ගැනීමට ලීයකින් පහරදි විදුලි රැුහැන කඩා දමා කෘතිම ශ්වසනය ද ලබාදී ඇතැයි මරණ පරීක්ෂණයේ දී හෙළි විය. මිතුරා බේරා ගැනීමට උත්සාහ කරන අතරවාරයේ දී විදුලි බල මණ්ඩලයේ සේවකයා ද අනවසර විදුලි

රැුහැනකට හසුවී ඇතැයි පොලිසිය සඳහන් කළේය. විදුලිසර වැදුණු දෙදෙනා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් මියගොස් තිබුණි.

අනවසර විදුලි රැුහැන් යෙදූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මක නවරත්න මහතාගේ මෙහයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment