ඌරුමුත්තේ සුගතානන්ද හිමියෝ ජපානයට වැඩම කරද්දී ගුවනේදීම අපවත් වෙති

463

අකුරැස්ස එළමල්දෙනිය පුරාණ රජමහා විහාරය, වැල්ලවත්ත සුගතවිහාරය යන උභය විහාරාධිපති හා වැල්ලවත්ත ජිනානාන්ද ළමා නිවාසයේ නිර්මාතෘ ඌරුමුත්තේ සුගතානන්ද නාහිමියෝ ජපානයේ ධර්මදූත මෙහෙවරක් උදෙසා වැඩම කරවීමේදී ගුවන් යානයේදී සිදුවූ හදිසි අසනීපයක් හේතුවෙන් ගුවන් යානයේදීම හදිසියේ අපවත් වූහ.

උන්වහන්සේගේ දේහය දැනටමත් මැලේසියාවේ රෝහලක තැන්පත් කර තිබෙන අතර දේහය ලංකාවට ඉක්මනින් ගෙනඒමට විහාරස්ථදායක සභාව කටයුතු කරමින් සිටී. ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව විහාරස්ථදායක සභාව සඳහන් කර සිටී.

● ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment