ඌවේ පරිපාලන සේවා පත්වීම් ආණ්ඩුකාරවරයා තහනම් කරයි

406

පත්වීම් ලිපියේ තීන්ත වේලෙන්නත් කලින් ඌව පළාත් පරිපාලන සේවයේ සේවා පත්වීම් ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා විසින් අවලංගු කර ඇතැයි ලකා ගුරු සංගමයේ උප සභාපති සහ ඌව පළාත් ලේකම් ප්‍රියන්ත වරුෂමාන මහතා පවසයි.

ප්‍රියන්ත වරුෂමාන මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.

“පසුගිය දෙසැම්බර් 30 දා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පරිපාලන සේවයේ පත්වීම් 17 ක් සඳහා ලිපි ප්‍රදානය සිදුකළා. නමුත් රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරු හැර අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම තනතුරු සඳහා කරන ලද පත්කිරීම් සහ මාරු කිරීම් එදිනම සවස අවලංගු කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබුණි.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment