ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ අභිමානය – දසවැනි උපාධි ප‍්‍රදානෝත්සවය

401

දහහතර වන ජාතික විශ්වවිද්‍යාලය ජාතික සම්පත්වලට අගය එකතු කිරීමේ විශිෂ්ඨතා කේන්ද්‍රය ලෙස අනාගත දැක්මක් සහිත නව සංකල්පීය විශ්වවිද්‍යාලයක් 2005 වර්ෂයේදී බදුල්ල කඳුකරයේ දර්ශනීය පරිසරයක සරුසාර වටපිටාවක ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්වවිද්‍යාලය වන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මේ වන විට රටේ සාම්ප‍්‍රදායික අධ්‍යාපනික සංස්කෘතිය වෙනස් කර ඇත. පුරාණ රටවැසියන්ගේ ආකල්ප මත පදනම්ව ගුණාත්මකභාවය අරමුණු කොට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය එළිදක්වා තිබේ. එම සන්ධිස්ථානයේ සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සිය සෑම පියවරකදීම සාර්ථකත්වය සහ විශිෂ්ඨත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමන ආරම්භ කර ඇත්තේ අධ්‍යයන, පරිපාලන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ය. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය මූලික කරගත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි. ශාරීරික හා මානසික මානයන්ගේ පොහොසත්කම අධ්‍යයනය කොට භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරන අධ්‍යාපන ක‍්‍රමවේද මගින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් නිර්මාණකරණයට හා ජාතික සංවර්ධනයට මේ වන විටත් ඵලදායීව දායකත්වය දක්වයි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ අභිමානය - දසවැනි උපාධි ප‍්‍රදානෝත්සවය


2006 අධ්‍යයන වැඩසටහන් ආරම්භක වර්ෂයේදී ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සතුව තිබුණේ පීඨ තුනක් පමණක් වන අතර එම අධ්‍යයන පීඨ යටතේ උපාධි පාඨමාලා පහක් ද ආරම්භ කෙරුණි. මූලිකව සිසුන් 167 දෙනකු පමණක් අධ්‍යයන පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා ලදී. මේ වන විට පීඨ හතරක් යටතේ නම් වශයෙන්, සත්ව විද්‍යාව සහ අපනයන කෘෂිකර්මාන්තය, කළමනාකරණය, ව්‍යවහාරික විද්‍යාව සහ තාක්ෂණික අධ්‍යයන පීඨයන්හි සිසුන් 1311 දෙනකු උපාධි පාඨමාලා පහළොවක් හදාරති.

 2010 වර්ෂයේදී අධ්‍යයන කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 14 දෙනකු, කථිකාචාර්යවරුන් 20 දෙනකු හා තාවකාලික කථිකාචාර්යවරුන්/ ප‍්‍රදර්ශක, ප‍්‍රදර්ශිකා 54 දෙනකුගෙන් සමන්විත වූ අතර, 2020 වර්ෂය අවසානය වන විට මහාචාර්යවරුන් 8 දෙනෙක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 73 දෙනෙක්, කථිකාචාර්යවරුන් 80 දෙනෙක් හා තාවකාලික කථිකාචාර්යවරුන්/ ප‍්‍රදර්ශක, ප‍්‍රදර්ශිකා 80 දෙනෙක් අධ්‍යයන හා අධ්‍යාපන සේවා සැපයීමෙහි නිරතව සිටිති.

 2012 වර්ෂයේදී ස්ථිර පරිපාලන කාර්ය මණ්ඩලය 15 දෙනෙක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 4 දෙනෙක් වූ අතර, 2019 වර්ෂය අවසානය වන විට ස්ථිර පරිපාලන කාර්ය මණ්ඩලය 24 දෙනෙක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 152 දෙනෙක් අතර ඉතා විශිෂ්ට සේවාවන් සැපයීමෙහි නිරතව සිටිති.

 දසවැනි උපාධි ප‍්‍රදානෝත්සවය

 විශ්වවිද්‍යාලයක උපාධි උත්සවයක් යනු සිසුන්ගේ අධ්‍යයන ජීවිතයේ සුවිශේෂී දිනයක් වන අතර වසර ගණනාවක කැපවීමෙන් පසුව ඔවුන් උපාධිය ලබා ගනී. සාම්ප‍්‍රදායික ශාස්ත‍්‍රීය පළඳනාවෙන් සැරසී වේදිකාවට නැ`ගීම සෑම සිසුවකුගේම අභිමතයයි. තම සගයන්, මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ගේ දුෂ්කර උත්සාහයට සහයෝගය දුන් සැමට තම ජයග‍්‍රහණය දැක්වීම සිහිනයකි. එය සෑම සිසුවකුගේම

 ජීවිතයේ ආත්ම අභිමානය ඉහළ නංවන තීරණාත්මක අවස්ථාවක් ද වෙයි.

 උපාධි ප‍්‍රදානෝත්සවය යනු ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යයන විශිෂ්ඨත්වය සහ කීර්තිය විදහා දක්වන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ප‍්‍රකට කරන උත්සවයයි. එමෙන්ම, අධ්‍යාපනය මානව ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රීය සංලක්ෂය බවට සමාජයට ඒත්තු ගන්වන අධ්‍යාපනික සංස්කෘතික උළෙලද උපාධි ප‍්‍රධානෝත්සවයම ය.

 මේවන විට ඌව විශ්වවිද්‍යාලයේ සිසුන් 1990 උපාධිය ලබා ඇති අතර දසවැනි උපාධි ප‍්‍රදානෝත්සවයට සාපේක්ෂකව, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි ප‍්‍රතිඵල ලෙස පළමු පංතිය උපාධි 9ක්, දෙවන පෙළ ඉහළ උපාධි 101ක්, දෙවන පෙළ පහළ උපාධි 142ක්, සහ සාමාර්ථ උපාධි 302ක් ලබා ගනී. ප‍්‍රථම වතාවට පශ්චාත් උපාධිධාරීන් තිදෙනකුට ද උපාධිය ප‍්‍රදානය කෙරුණි.

 පර්යේෂණ සම්ප‍්‍රදාය

 පර්යේෂණය යනු මිනිසුන්, දැනුම සහ නව යෙදුම් සැකසීම සඳහා මෙම දැනුම භාවිතා කිරීම ඇතුළුව දැනුම වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන නිර්මාණාත්මක හා ක‍්‍රමානුකූල කාර්යයකි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සංස්කෘතිය ඉතා ඵලදායී හා ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ඉහළ තලයක පවතී. නවෝත්පාදනයන් පිළිබඳව හා අඛණ්ඩව නව්‍යතාවයන් බිහි කිරීමට මෙන්ම එම නව්‍යතාවයන් සමාජ භාවිතාවන් බවට පත්කරලීමට අවශ්‍ය ක‍්‍රමවේදයන්ගෙන් ද ආයතනය පරිපූර්ණය.

 ආයතනික සංසිද්ධියක් ලෙසට නවෝත්පාදනයට දිගු පර්යේෂණ සම්ප‍්‍රදායක් ඇති අතර විවිධ ක්ෂේත‍්‍රයන්හි පුළුල් පරාසයක පර්යේෂණ අධ්‍යයන විහිද ඇත. ප‍්‍රකාශනය යනු එවැනි නව්‍ය තොරතුරු හා සිද්ධාන්ත සමාජගත කිරීමයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පර්යේෂණ තීව‍්‍රතාව සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. එය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ ප‍්‍රකාශන තුළින් ඉතා පැහැදිළි වේ. පර්යේෂණ පත‍්‍රිකා හැටනවයකින් ආරම්භ වූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සංස්කෘතිය අද වනවිට ඉතා පුළුල් පරාසයක ප‍්‍රකට වී ඇත.

 උපාධිධාරී සේවා නියුක්තිය

 පසුගිය වසර දහය තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය විසින් ඵලදායී, ක‍්‍රියාකාරී ශ‍්‍රම බළකායක් ජාතියට බිහි කර තිබේ. මේ අතරින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අර්ථ සාධනයට කැපවී ඇති උපාධිධාරීන් සංඛ්‍යාව බොහෝය. ඔවුන්ගෙන් බහුතරයක් ඔවුන්ගේම විෂය ක්ෂේත‍්‍රයන්ට ඍජුවම අදාළ තනතුරු දරති. සැලකිය යුතු කොටසක් විවිධ හැකියාවන්ගෙන් ජාතික සංවර්ධනයට දායකත්වය සපයයි. මෑත සංගණනයන්ට අනුව විශ්වවිද්‍යාලයීය උපාධිධාරී

 රැුකියා පරාසය සියයට 65 කට වඩා වැඩි ප‍්‍රතිශතයකින් යුක්ත වේ.

 දේශීය සම්පත් වලට අගය එකතු කිරීම

 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දහවන උපාධි ප‍්‍රධානෝත්සවය 2021 දෙසැම්බර් නවය, හා දහය, යන දෙදිනෙහි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලදී. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ත‍්‍රිපිටකචාර්ය ධර්ම කීර්ති ශ‍්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත අති ගෞරවනීය පූජ්‍ය බෙන්ගමුවේ ශ‍්‍රී ධම්මදින්න නායක හිමිපානන් වහන්සේ විසින් උපාධිධාරීන් 557 දෙනකු විෂයෙහි උපාධි පිරිනමන ලදී. සත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය විසින් උපාධි පාඨමාලා පහක් යටතේ පළමු පෙළ සාමාර්ථ 02ක් සමග උපාධි 221ක්, ව්‍යාවහාරික විද්‍යා පීඨය විසින් උපාධි පාඨමාලා හතරක් යටතේ පළමු පෙළ සාමාර්ථ 05ක් සමග උපාධි 201ක්, ප‍්‍රථම වතාවට පශ්චාත් උපාධිධාරීන් තිදෙනකුට ද සහ කළමනාකරණ පීඨය විසින් උපාධි පාඨමාලා දෙකක් යටතේ පළමු පෙළ සාමාර්ථ 02ක් සමග උපාධි 123ක් උපාධි ප‍්‍රදානය කෙරුණි.

 කෘතඥතාවය පිළිගැන්වීම

 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙහි ගෞරවණීය අතීත කුලපතිවරුන්ට සහ සියලූම උපකුලපතිවරුන්ට අපගේ කෘතඥතාවය මෙහිදී පළ කර සිටිමු. මේ වන විට කුලපති ධුරය දරන පූජ්‍ය බෙන්ගමුවේ ශ‍්‍රී ධම්මදින්න නායක මා හිමිපාණන්වහන්සේගේ කාරුණික අනුශාසකත්වය සහ උපරිම සහයෝගය වෙනුවෙන් වැඳ නමස්කාර කරමු.

 උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම නොවන්නට වත්මන් සාර්ථක කඩ ඉම් පසුකිරීම විශ්වවිද්‍යාලයට දුෂ්කර වනු නොඅනුමානය. අධ්‍යයන කාර්ය මණ්ඩලය, පරිපාලන මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමූහික ප‍්‍රයත්නය මගින් තවදුරටත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ජාතික අධ්‍යාපනයට අර්ථයන් හා අගයන් එකතු කරන්නට අවස්ථාව උදාවේවායි ප‍්‍රාර්ථනා කරමු.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ අභිමානය - දසවැනි උපාධි ප‍්‍රදානෝත්සවය


ආචාර්ය කේ.එම්.ආර්.කේ. කුලතුංග
 ජ්‍යෙෂ්ඨ සහාකාර පුස්තකාලයාධිපතිනිය,
 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment