එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට

66

එංගලන්තය සමගින් ක්‍රියාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ දෙරට අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 49කින් ජය ගනිමින්.

 බර්මින්හැම් හි පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 170ක් රැස් කළේය. ඒ අනුව ලකුණු හඹා ගිය සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දු වාර 17කදී මුළු ලකුණු 171කදී සියලු දෙනා දැවී  ගියේය.

 ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා පන්දු 29කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 46ක් සහ රෝහිත් ෂර්මා පන්දු 20කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් රැස් කළේය.

 ක්‍රිස් ජෝඩ්න් ලකුණු 27කට ඉන්දීය කඩුලු 4ක් සහ රිචඩ් ග්ලීසන් ලකුණු 15කට කඩුලු 3ක් බිඳ දැමීය.

 එංගලන්තය වෙනුවෙන් ඩේවිඩ් විලි නොදැවී ලකුණු 33ක් සහ මොයින් අලී ලකුණු 35ක් රැස් කළ අතර බුවනේෂ්වර් කුමාර් ලකුණු 15කට එංගලන්ත ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය. ජස්ප්‍රිට් බුම්රා සහ යුෂ්වෙන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment