එංගලන්තයත් පාකිස්තානයට බෑ කියයි

247

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත – පාකිස්තාන කි‍්‍රකට් තරගාවලිය අවලංගු කිරීමට එංගලන්ත කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. තම කී‍්‍රඩකයන්ගේ මානසික සහ ශාරීරික සුවය වෙනුවෙන් එම තීරණය ගත් බවට එංගලන්ත කි‍්‍රකට් ආයතනය නිවේදනය කර තිබේ.

 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පාකිස්තානයේ කි‍්‍රකට් සංචාරයක නිරත වීමට එංගලන්තය ලබන ඔක්තෝබර් මාසයේදී සුදානම් කර තිබිණි. විස්සය විස්ස තරග දෙකක් එම තරගාවලියට ඇතුළත්ව තිබිණි. කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කී‍්‍රඩකයන්ගේ සහ සහායක සේවකයන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ඉහළම ප‍්‍රමුඛතාවය බවත් කොරෝනා වසංගත තත්ත්වය මත තරගාවලිය පැවැත්වෙන කලාප වෙත සංචාරය කිරීමේදී පවතින සීමා සහ නීති රීති කී‍්‍රඩකයන්ට අමතරව පීඩනයක් ගෙන දෙන බවත් එවැනි වටපිටාවක් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසු සුදානමක් නොවන බවත් එංගලන්ත කි‍්‍රකට් ආයතනය ප‍්‍රකශ කර තිබේ.

 පසුගියදා නවසීලන්ත කණ්ඩායමද පාකිස්තාන තරගාවලියක් අවලංගු කර ආපසු සිය රට බලා පිටත්ව ගිය අතර ආරක්ෂක අවදානම පිළිබඳ විශ්වාසදායක තොරතුරු මත සංචාරය අවලංගු කළ බව ඔවුන් ප‍්‍රකාශ කර තිබිණි. එවන් වකවානුවක එංගලන්ත කි‍්‍රකට් ආයතනයේ මෙම තීරණය පාකිස්තාන කි‍්‍රකට් ආයතනයට ප‍්‍රබල බලපෑමක් එල්ල කරන තීරණයක් බවට මේ වනවිට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment