එංගලන්තයේදී ගිනිගෙන මියගිය ශ්‍රී ලාංකික දරු පවුල

710

තම බිරිඳ හා දරු දෙදෙනාත් සමග නැන්දම්මා එකම සෑයක දැවෙන ශෝචනීය සිදුවීමක් ගැන පසුගිය බ‍්‍රහස්පතින්දා එංගලන්තයේ බෙන්ස්ලිහිත් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. අසල්වැසියන් ඇය හැඳින්වූයේ ‘‘නිරූබා’’ යන නමින්. ශ‍්‍රි ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික මෙම පවුල පදිංචි වී සිටියේ එංගලන්තයේ බෙන්ස්ලිහිත් ප‍්‍රදේශයේය. මිනිස් සිත් කම්පාවට පත් කරමින් නිරූබා සහ ඇගේ එක්වසරක් වියැති ශස්නා. සිව් හැවිරිදි පුත් කබීස් සහ නිරූබාගේ මව යන මේ සියලූ දෙනාම ඔවුන්ගේ නිවසට ඇවිලූන ගින්න නිසා ජීවිතක්ෂයට පත් වුණා. මේ වෙන විට උඩු මහලේ සිටි නිරූබාගේ මස්සිනා කෙසේ හෝ ජීවිතය ගලවා ගැනීමට සමත් වූ බැව් ලන්ඩන් ඬේලි මිරර් පුවත් සේවය සඳහන් කරනවා. දෙපාවල අස්ථිි බිඳී ඇති ඔහු තවමත් කම්පනයෙන් පසුවෙන නිසා මේ සිදුවීම ගැන කට උත්තරයක් හෝ ලබා ගැනීමට අපහසු වී තිබේ.

  • දැවී ගිය කැදැල්ල ගැන කම්පනයෙන්…

තම බිරිඳ දරුවන් සහ නැන්දණිය අහිමි වීමේ ඛේදවාචකයෙන් කම්පාවට පත්ව සිටින නිරූබාගේ සැමියා යෝගන් තංගවේලූ දැඩි කම්පනයෙන් පසුවෙනවා.

මම එදා රාති‍්‍රයේ මගේ ඥාති සහෝදරියකගේ නිවසේ තිබුණ සාදයකට සිංදු කියන්න ගියා. ඒ නිවස පිහිටා තිබෙන්නේ අපි ජීවත්ව සිටින තැනට වඩා සැතැපුුම් දෙකක් පමණ දුරින්. රාති‍්‍ර 8. 30 ට පමණ මගේ බිරිඳ මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. අපේ ගෙදර ගිනි ගත්තා අපිව පිච්චිලා මැරෙයි…ඇය කිව්වා. මම ඒ සැණින්ම නිවසට ආවා. ඒ වෙන විටත් ගිනි නිවන හමුදාව ඇවිත් මගේ බිරිඳගේ සහ දරුවන්ගේ දැවී ගිය සිරුරු පිටතට ගත්තා. මේ ගැන අදහස් දක්වන අසල්වැසියන් කියා සිටියේ ගින්න පහත මාලයෙන් ආරම්භ වී උඩු මහල දක්වා පැතිරී ගිය බවයි. නමුත් මේ අවස්ථාව වෙන විටත් fire alarm සංඥාව නිකුත් නොවුණේ මන්දැයි ගිනි නිවන හමුදාව සහ පොලිසිය විසින් විමර්ශනය කරමින් සිටිනවා. ගිනි විමර්ශකයන් පෙන්වා දෙන අන්දමට මෙම උපකරණවල පැවැති දෝෂ සහිත තත්ත්වය නිසා මේ තත්ත්වය ඇති වූ බවයි.

යෝගන් තංගවේළු වසර පහළොවකට වැඩි කාලයක් එංගලන්තයේ ජීවත් වුණා. ඔහු විසින් මෙම නිවස පවුම් 425,000 කට මිලදීගෙන දැනට මාස තුනක් වෙනවා. මෙම නිවස පිහිටා තිබුණේ යෝගන්ගේ සහෝදරියන් ජීවත්වුන ප‍්‍රදේශයට සමීපවයි. බිරිඳගේ මව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් Gatwick ප‍්‍රදේශය වෙත යෑමට සිය ඇඳුම් අසුරමින් සිටියා. රාති‍්‍ර 8. 30 ට පමණ ගිනි ඇවිලීම ආරම්භ වුණත් රාති‍්‍ර 9.45 වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට ලන්ඩන් ගිනි නිවන භට හමුදාවට හැකියාව ලැබුණා.

  • සතුටින් ජීවත් වුණ පවුලක්…

ජෙගා යැයි නම් සඳහන් ඔවුන්ගේ ඥාති සහෝදරයා කියා සිටියේ අපට ඉතා මෑතකදී මොවුන් පවුලේ විවාහ මංගල්‍යකදී මුණ ගැහුනා. ඔවුන් ඉතාම සතුටින් කාලය ගෙවූ සාමකාමී පවුලක්. අසල්වැසි නිවසක ජීවත්වෙන Scott James සඳහන් කරන්නේ ඊයේ මම ඔවුන් දුටුවා. මම ඔවුන්ට Hai කිව්වා. මට හදිසියේම මේ නිවස පැත්තෙන් දුමාරයක් නැගෙනු දැක්කා. පහළ මාලයෙන් පටන්ගත් ගින්න උඩු මාලයටත් පැතිරී ගියා. ඒත් අද මේ සියලූ දෙනාම යන්නම ගිහිං….

ලන්ඩනයේ ගිනි නිවන හමුදාවේ කොමසාරිස් ඇන්ඩි රෝ සඳහන් කරන්නේ මෙය ඉතාම කම්පාවක් ඇති කරන සිදුවීමක්. තවමත් ගින්න ගැන සැකයක් හිතන්න තරම් සාධාරණ හේතු කිසිවක් නැහැ. නමුත් අපි අඛණ්ඩව පරීක්ෂණ කරනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment