එංගලන්තයේදී විනය කඩකළ තිදෙනා ගැන තීරණ ගැනීමට පංච පුද්ගල කමිටුවක්

158

විනය ගැටලූ හේතුවෙන් තාවකාලික ක‍්‍රිකට් තහනමකට ලක් කෙරුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල විනය කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව එංගලන්ත තරග සංචාරය අතරතුරදී අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මෙම විනය කමිටුව විසින් පරීක්ෂණ පවත්වා ලබා දෙන ද`ඩුවම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතව තිබේ.
 
 එංගලන්ත තරග සංචාරය අතරතුරදී ශ‍්‍රී ලංකා උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුල කඩකරමින් විනය විරෝධී ක‍්‍රියාවල නිරතවීම හේතුවෙන් ඔවුන් තිදෙනා අදාළ
 තරගාවලියෙන් ඉවත් කර පසුගිය 29 වැනිදා යළි ශ‍්‍රී ලංකාවට
 
 ගෙන්වා ගනු ලැබීය. අනතුරුව ඔවුන් මේ වන විට හෝටලයක් තුළ දින 14ක් නිරෝධායනයට ලක් කර තිබේ. ඒ අනුව එම නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු එනම් ලබන ජූලි 13 වැනිදායින් පසුව ඔවුන් විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් විමර්ශන අවසන් වන තුරු අදාළ ක‍්‍රීඩකයන් තිදෙනාට තාවකාලික ක‍්‍රිකට් තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වනවිට කටයුතු කර තිබේ.
 
 පත් කෙරුණු පංච පුද්ගල විනය කමිටුවේ සභාපතිවරයා ලෙස අජිත් වීරසිංහ මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් සහ නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළත්ව සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment