එංගලන්තයේ අගමැති සටනේ අවසන් අදියරයට ට්‍රස් හා සුනක්

330

බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස් වීම හේතුවෙන් පුරප්පාඩුව පවතින එංගලන්ත අගමැති ධුරය හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා පවතින තරගයේ අවසන් අදියරය සඳහා එංගලන්ත රජයේ වත්මන් විදේශ ලේකම් ලිස් ට්‍රස් හා රජයේ හිටපු මුදල් ලේකම් රිෂි සුනක් තේරී පත්ව තිබේ. පෙරේදා (20දා) පැවති තරග වටයේ පළමු ස්ථානය සුනක් හට හිමිව ඇති අතර විදේශ ලේකම් ට්‍රස් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

එංගලන්තයේ මීළඟ අගමැතිවරයා තෝරන සටනේ අවසන් අදියරයට තේරී පත්ව සිටින ට්‍රස් හා සුනක් මීළඟ සති කිහිපය තුළදී පාලක කොන්සර්වේටිව් පක්ෂයේ එක් ලක්ෂ අසූදහසක් වන සාමාජිකයන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා සිය මැතිවරණ ව්‍යාපාරයන් දියත් කිරීමට නියමිතව තිබේ. එයට පෙර මෙම දෙදෙනා අතර සජීවී රූපවාහිනී විවාදයන් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ, මීළඟ එංගලන්ත අගමැතිවරයා හා පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකයා තෝරා පත් කරගැනීම කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් විසින් තැපැල් මාර්ගයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් සිදු කිරීමට නියමිතය.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment