එංගලන්තයේ කොරෝනා එන්නත්කරණයෙන් මිලියන 23ක් දෙනා බේරා ගනී

139

එංගලන්ත මහජන සෞඛ්‍ය සේවාවට අනුව එරට කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා මිලියන 23ක ජනතාව කොරෝනා වෛරස් ආසාදනයෙන්ද තවත් කොරෝනා ආසාදිතයන් 84,600ක් දෙනා මරණයෙන්ද මේ වන විට බේරා ගැනීමට හැකි වී තිබේ.

 එංගලන්ත මහජන සෞඛ්‍ය සේවාව විසින් ‘සෝ කොවිඞ්’ නමැති මෘදුකාංගය හරහා සිදු කරන ලද අධ්‍යයනයකදී මේ බව අනාවරණය කරගෙන ඇති අතර එම අධ්‍යයනය මෙහෙයවූ මහාචාර්ය ටීම් ස්පෙක්ටර්ට අනුව කොරෝනා එන්නත්කරණය හරහා කොරෝනා ආසාදනයට ගොදුරු වූ විට අසාධ්‍ය තත්ත්වයට පත් වීම, රෝහල්ගතවීම හා මරණයට පත් වීම වළක්වාගත හැකි වුවද ඇතැම් එන්නත්වලින් කොරෝනා ආසාදනයට එරෙහිව ලැබෙන රැකවරණය කාලයක් යන විට අඩු වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව අධ්‍යයනවලදී හෙළි වී තිබේ. මෙම තත්ත්වය කිසිසේත් කොරෝනා එන්නත් නොගෙන සිටීමට හේතුවක් කරගත යුතු නැති බව මහාචාර්ය ස්පෙක්ටර් පවසයි. එංගලන්තයේ භාවිත වන කොරෝනා එන්නත්වලින් තවමත් බහුතර ජනතාවට ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදයට එරෙහිව ඉහළ ආරක්ෂාවක් ලබා දෙන බව පවසා ඇති මහාචාර්යවරයා තවත් ජනතාව වැඩි වශයෙන් එන්නත්කරණයට ලක් කිරීමට අවශ්‍ය වී ඇති බව අවධාරණය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment