එංගලන්තයේ ත්‍රස්ත කල්ලියක් සිරකරගෙන සිටින  දියණිය නිදහස් කර දෙන ඉල්ලා හඬා වැටෙන පියෙක්

1624

ගාල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවලදී නිතරම දක්නට ලැබෙන සුවිශේෂි කුඩා වෑන් රථයකි. වෑන් රථය පුරාම සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් මෙසේ ලියා ඇත. “එංගලන්තයේ ත්‍රස්ත කල්ලියක් විසින් වසර දහයක් තිස්සේ සිරකරගෙන සිටින මාගේ දියණිය නිදහස් කරනු”… මේ වෑන් රථය ධාවනය කරන්නේ එසේ එංගලන්තයේදී පැහැරගෙන ඇති තරුණියගේ පියාය.

මෙසේ පැහැර ගැනීමට හේතුව දැන ගැනීමට අප එම තරුණියගේ පියා සොයා උණවටුනට ගියෙමු. ඔහු සේනක සොයිසා සිරිවර්ධනය. සේනක කියන මේ කතාව හද කම්පා කරවන කතාවකි. “මගේ උපන්ගම ගාල්ල රත්ගම. විවාහයෙන් පසු ස්ථිර පදිංචිය වුනේ කැළණිය පට්ටිය හන්දිය. ඇත්තටම මම උණවටුනට ඇවිල්ල ඉන්නේ මගේ ජිවිත ආරක්ෂාවටයි.

මගේ තාත්ත එංගලන්තයේ හිටියේ. මම කොළඹ වේළුවන විද්‍යාලයේ සහ නාලන්දා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. පසුව මමත් බිරිඳත් එවකට අවුරුදු තුනක්වූ මගේ ආදරණිය දුවත් එක්ක 2001 වසරේ එංගලන්තයට ගියා. එහි ගොස් මම ඛැසජැිඑැර විශ්ව විද්‍යාලයෙන් සාගර පරිවහන කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. තාත්තත් මමත් බිරිඳත් දියණියත් එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වෙමින් සිටියදි 2010 ජනවාරි 31 වැනිදා තාත්තා මියගියා.

ඉන්පසු මමත් බිරිඳත් දුවත් නිවසේ සිටියදී 2012 ජනවාරි මස දිනක රාත්‍රි නිවසට කඩා වැදුන එංගලන්තයේ නැෂනල් ක්‍රයිම් ඒජන්සි (එන්.සී.ඒ) නමැති ත්‍රස්ත කල්ලිය විසින් නිවස තුළදීම මගේ  දාහතර හැවිරිදි දියණිය සමූහ දූෂණයට ලක්කොට පැහැරගෙන ගියා. පියෙක් හැටියට මම කොහොම බලාගෙන ඉන්නද? එදා සිට මම කියන්න ඕන සියලුම දෙනාට කිව්වා. ලිව්වා. නමුත් තවමත් කිසිම ප්‍රතිපලයක් නැහැ. ඇය සිටින තැනක් මේ වනතුරු දැන ගැනීමට නැහැ. මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පාරලිමේන්තුවට, සාමි මණ්ඩලයට, ඇමැති මණ්ඩලයට, අධිකරණයට ,පොලිසියට ඇතුලු සියලු ආයතන දැනුවත් කළා. පසුව මගේ ජිවිතයටත් තරජන එල්ල වෙන්න පටන් ගත්තා. එනිසා මම රුසියානු ජනාධිපතිතුමාගෙන් සහ විදේශ කටයුතු ඇමැතිතුමාගෙන් කළ ඉල්ලිමක් අනුව ලන්ඩන් නුවර කෙන්සින්ටන්හි රුසියානු තානාපති කාර්යාලයේ රැකවරණ පතන ලෙස දැනුම් දුන්නා.

කෙසේ නමුත් මම 2018 පෙබරවාරි 12වෙනිදා ලංකාවට ආවා. ඇයට විෂ මත් ද්‍රව්‍ය ලබාදෙමින් විවිධ වධ හිංසා කරමින් දූෂණ කටයුතු සඳහා යොදවන බවට ආරංචියි. එංගලන්තයේ මෙම ත්‍රස්ත කල්ලියෙන් මෙරටදිත් අනතුරක් වියහැකි නිසා මම මේ පිළිබඳව පොලිස් මුලස්ථානයට, මිටියාගොඩ පොලිසියට, කිහිප විටක්ම කරුණු දක්වා තිබෙනවා. එයට අමතරව කොළඹ ඇල්විටිගල මාවතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයටත් 2018 අගෝස්තු 24 පැමිණිලි කළා.නමුත් එම පැමිණිල්ලට කුමක් වුනාද දන්නේ නැහැ.

මගේ ආදරණිය තිරශ්මි සොයිසා සිරිවර්ධන දුව බේරා ගැනීමට උදව්වන ලෙස මම සියලු ලෝකවාසීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

අහංගම සුගතපාල දීයගහගේ,  ගැමුණු චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment