එංගලන්තයේ විසි ලක්ෂයකට ‘ලෝන්ග් කොවිඩ්’

350

එංගලන්තයේ විසි ලක්ෂයක පමණ පිරිසක් කොරෝනා ආසාදනයට ගොදුරු වූවන් පසු කාලයේදී මුහුණ දෙන දිගුකාලීන කොවිඩ් ආසාදනය හෙවත් ‘ලෝන්ග් කොවිඩ්’ යන රෝග තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බව එරට ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

‘ලෝන්ග් කොවිඩ්’ තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති විසි ලක්ෂයක් දෙනාගෙන් දාහතර ලක්ෂයක් දෙනා සති දොළහකට පමණ පෙර තමනට කොරෝනා වෛරස් ආසාදනය වැළඳී තිබූ බවට සැක කරන බව පවසා ඇති අතර අටලක්ෂ විසි හයදහසක් දෙනා පවසා ඇත්තේ වසරකට පමණ පෙර ඔවුන්ට එම රෝග තත්ත්වය වැළඳී තිබූ බවයි. තවත් තුන් ලක්ෂ හැත්තෑ හයදහසක් දෙනා පවසා ඇත්තේ ඔවුනට වසර දෙකකට පමණ පෙර කොරෝනා ආසාදනය වැළඳී තිබූ බවයි. ‘ලෝන්ග් කොවිඩ්’ තත්ත්වයෙන් පෙළෙන ලක්ෂ විස්සක පිරිසෙන් ලක්ෂ දාහතරක් දෙනා එම රෝග තත්ත්වය හේතුවෙන් සිය දෛනික කටයුතු කරගැනීම අසීරු වී ඇති බව පැමිණිලි කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment