එංගලන්තයේ Rolls Royce සමාගමේ ඉන්න ලංකාවේ ඉංජිනේරු නෝනගෙ වෙඩින් එක

881

Rolls Royce කියන්නෙ ලොව ජනප‍්‍රියම වෙළෙඳ නාමයක්ය. ඒ හින්දම අපේ රටේ යුවතියක් පිළිබඳවත් පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති වුණා. ‘‘දිවයින.. පුවත්පත තමයි ඇය ගැන මුලින්ම රටට කිව්වෙ. ඇය අභ්‍යවකාශ ඉංජිනේරු විiාව පිළිබඳ ඉංජිනේරුවරියක්. නමින් නිපුනි කරුණාරත්න.

 නිපුනිගෙ කතාව අපි විසින් රටට කිව්වට පස්සෙ තවත් විiුත් හා මුද්‍රිත මාධ්‍ය කීපයක් විසින් ඇගේ තොරතුරු හෙළිදරව් කරන්න ගත්තා. අද අපි නැවතත් නිපුනිගේ ජීවිත කතාවේ අලූත් පාරිච්ජේදයක් පිළිබඳව රටට කියන්න තීරණය කළා.

 අද කියන්න යන කතාවට නිපුනි පමණක් නොවෙයි න්‍යෂ්ඨික ශක්ති පර්යේෂකයකුත් එකතු වෙලා ඉන්නවා. ඔහු නමින් ෂෙහාන් ලෝව්. කියවල බලන්න මේ තරුණ ජීවිත දෙක එකතු වූ හැටි.

 * නිපුනිට මුලින්ම ෂෙහාන්ව මුණ ගැසෙන්නෙ කොහොමද?

 කෙටි නිවාඩුවක් පිණිස ලංකාවට පැමිණි අවස්ථාවක තමයි මම මුලින්ම ෂෙහාන්ව දකින්නෙ. ඒ හමුවීම මගේ මිතුරියන් පිරිසක් මාර්ගයෙන් හිතවත් කමක් බවට පත් වෙනවා. ඇත්තටම ඒ හිතවත්කමේ දිගුවක් හැටියට තමයි අපි දෙන්න අතර ආදර සම්බන්ධයක් ගොඩනැ`ගුනෙ.

 * ගෙදරට මේ ගැන මුලින්ම කියන්නෙ ෂෙහාන්ද එහෙම නැත්නම් ඔබද?

 මම අපේ ගෙදරට මේ සම්බන්ධය ගැන කිව්වා. එතනදී මගේ අම්මයි තාත්තයි කිව්ව දෙයක් තමයි ඔය දෙන්න හඳුනගත්තට කමක් නෑ ඉගෙනීමට මුල්තැන දෙන්න කියලා. මොකද ඒ වෙද්දි මම ඩුබායිවල උසස් අධ්‍යාපනය හදාරමින් හිටියෙ. මට විතරක් නොවෙයි ෂෙහාන්ටත් කියන්න කිව්ව අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා.

 * ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ.

 අම්මයි තාත්තයි කිව්ව විදිහටම අපි දෙන්නම අධ්‍යාපනයට මුල්තැන දුන්නා. ෂෙහාන් ලංකාවෙ ඉඳගෙන එයාගෙ අධ්‍යාපන කටයුතු කරන අතරේ නැවතත් මම මගේ අධ්‍යාපනය පිණිස ඩුබායි බලා පිටත්වෙලා ගියා. වෙනදටත් වඩා හොඳින් අධ්‍යාපන වැඩ කටයුතු කළා. ඊට ටික කාලයකට පස්සේ වැඩිදුර අධ්‍යාපනය පිණිස මම එංගලන්තය බලා පිටත් වුණා. ඉන් වසර කීපයකට පස්සෙ උසස් අධ්‍යාපනය පිණිස එංගලන්තයට එන්න ෂෙහාන්ටත් අවස්ථාව ලැබෙනවා.

එංගලන්තයේ Rolls Royce සමාගමේ ඉන්න ලංකාවේ ඉංජිනේරු  නෝනගෙ වෙඩින් එක



 * ඒක සිද්ධ වුණේ කොහොමද?

 ෂෙහාන් යු. කේ. ආවේ එයාගෙ මාස්ටර්ස් එක කරන්න. මාස්ටර්ස් එක කරලා ඉහළම ලකුණු ලබාගත්ත හින්ද පී. එච්. ඞී. උපාධිය ඒ රටේම කරන්න එයාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. උපාධිය සම්පූර්ණ කළාම එයාටත් එංගලන්තයේම රැුකියා අවස්ථාවක් ලැබුණා.

 * අධ්‍යාපනයට ආදරය බාධාවක් වුණේ නැද්ද?

 කොහොමත් නෑ. මොකද අපි දෙන්නටම ඉලක්කයක් තිබුණා. එතනට ගමන්කරන එක තමයි අපි දෙන්නෙගෙ එකම සිහිනය වෙලා තිබුණේ. ඒ සඳහා අවුරුදු ගණනාවක් මහන්සි වෙන්න වුණා. නමුත් ඒක මහන්සියක් විදිහට අපිට දැනුනෙ නෑ. ඒ සඳහා අපේ ආදර සම්බන්ධය බාධාවක් කර ගත්තෙත් නැහැ.

 * ඉන් අනතුරුව දෙන්නා එක වහලක් යටට යන්න තීරණය කරනවා.

 ඔව්. අපේ අධ්‍යාපන කටයුතු නිමාවට පත් කරලා මුලින්ම කළේ වෘත්තිමය

 ස්ථාවරත්වයක් හදාගන්න එක. ඒක අපි හිතුවටත් වඩා හොඳින් සාර්ථකව සිද්ධ වුණා. ඊට පස්සේ තමයි අම්මල තාත්තල එක්ක කතාබහ කරලා අපේ විවාහය සැලසුම් කරන්නෙ.

 * එංගලන්තයේ රැුකියාවක් කරන අතරේ ලංකාවේ විවාහ උත්සවයක් සංවිධානය කරනවා කියන්නෙ අභියෝගයක් නේද?

 ඇත්තටම ඔව්. අපේ රැුකියාවල ස්වභාවයත් එක්ක ඒ අවිවේකි බවත් එක්ක එහෙම දෙයක් සංවිධානය කිරීමේදී යම් යම් ගැටලූ මතු වුණා. නමුත් අපි දෙන්නට පුළුවන්කම ලැබුණ අපේ රටට ඇවිත් ගොඩක් ලස්සනට ඒ දේවල් කරන්න. මෙතනදී අපි දෙන්ගෙම අම්මල තාත්තල අපේ විවාහ උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් කළ බව සඳහන් කරන්නම ඕනෑ. වසර දෙකක් මහන්සිවෙලා තමයි ඒ දවස උදා වුණේ.

 * වෙඩින් එකට අපේ චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල් තැන දුන්නා නේද?

 ඔව්. ෂෙහාන් කතෝලික” මම බෞද්ධ. අපි දෙන්නගෙම ආගම්වලට මුල්තැනක් ලබාදෙමින් තමයි ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ. ෂෙහාන්ගෙ ආගමට මුල් තැනක් ලබාදෙමින් ෂැංගි‍්‍රලා හෝටලයේ ඒ කටයුතු සිද්ධ කරලා ඊට දවස් දෙකකට පස්සෙ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ මගේ පැත්තෙන් උත්සවය ගත්තා. පෝරුවෙ චාරිත‍්‍ර සිද්ධ වෙන්නෙ එතනදී. උඩරට පහත රට නැටුම් ඇතුළු දේශීය නර්තන විශේෂාංග ගණනාවක් ඊට ඇතුළත් වෙලා තිබුණා.

 * වසංගතය හමුවේ යම් යම් සීමාකිරීම් සිදු වුණා නේද?

 යම් යම් බාධක තිබුණා. නමුත් ඒව බාධක කියලා අපි හිතුවෙ නෑ” උදාහරණයක් විදිහට අවශ්‍ය කරන මල් ටික ලංකාවෙන් හොයාගන්න බැරි වුණා. ඒ පාර චීනයෙන් හා ඉන්දියාවෙන් ඒ සඳහා අවශ්‍ය මල් ගෙන්වන්න පවා සිද්ධ වුණා.

 * එදා විශේෂ දේවල් තිබුණා නේද?

 අපි දෙන්නම ආසාවෙන් හිටියා අපේ විවාහය දවසේ අපේ අම්මල තාත්තලව සප‍්‍රයිස් කරන්න. අපි දෙන්නගෙම පුංචි කාලය ඒ වගේම අපි දෙමාපියන්ගේ

 රැුකවරණය මැද්දෙ මෙච්චර දුර ගමනක් ආව ආකාරය ඇතුළත් ලස්සන වීඩියෝවක් හරහා අපිට ඒ දේ කරන්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම එදා අපේ විවාහ උත්සවයට පැමිණි හැම කෙනෙක්ම ගොඩක් සතුටින් ඒක නැරඹුවා.

 * ජීවිතය ජයගත් ඔබ දෙපළ අපේ රටේ තාරුණ්‍යයට කියන්න තියෙන්නෙ මොනවද?

 පේ‍්‍රම සම්බන්ධයක් විවාහයක් දක්වා අරන් යන්න පුළුවන් නම් ඒක හොඳයි. විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරන වයස් සීමාව තුළ එහෙම සම්බන්ධයක් පවතිනවා නම් අපි කියන්නෙ එතනදී අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න කියලයි. අපි දෙන්න ඉගෙනීමට මුල්තැන දුන්න හින්ද තමයි අපේ සම්බන්ධය විවාහය දක්වා ඉදිරියට යන්නෙ. වැදගත්ම දේ තමයි පේ‍්‍රම සම්බන්ධයක් විවාහය දක්වා අරන් යනවා නම් ඒ සඳහා දෙපාර්ශ්වයේම දෙමාපියන්ගෙ ආශිර්වාදය ලබාගන්න එක.

 * වෙඩින් එකෙන් පස්සෙ අලූත් බලාපොරොත්තු මොනවාද?

 බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපි දෙන්නගෙ වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තොත් නව නිපැයුම් හා පර්යේෂණ පැත්තට බර වෘත්තීන් දෙකක තමයි ෂෙහාන් සහ මම රාජකාරී කරන්නෙ. එතනදී ඒ දැනුම ඒ වගේම නව සොයාගැනීම් ආදියේ තාක්‍ෂණික පැත්ත ලංකාවට ගේන්න අපිට ලොකු වුවමනාවක් පවතිනවා. අපි උගත් දෙයින් ලංකාවට යම් දෙයක් ඒ මගින් කරන්න පුළුවන්කම ලැබෙනවා. ලංකාවේ තාරුණ්‍යයට ඒ දේවල් හඳුන්වා දෙන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා.

 * ආපසු ලංකාවට එනවද?

 අනිවාර්යයෙන්ම එහෙම තමයි අපි දෙන්නම අදහස් කරන් ඉන්නෙ. ඒ සඳහා අවශ්‍ය වටපිටාව දැනටමත් අපි විසින් සකස්කරමින් පවතිනවා..



 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment