එංගලන්තය අසරණ කරමින් ශී‍්‍ර ලංකා යෞවනයෝ තරගාවලියේ පෙරමුණ ගනිති

526

ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ එංගලන්තයට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (05 දා) සමත්විය. එ් අනුව එම ජයග‍්‍රහණයත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ එස්. එස්. සී. තණතීරුවේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 34.3කදී ලකුණු 114කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එ් අනුව පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන්ට යෝග්‍ය වූ එස්. එස්. සී. තණතීරුවේ ජයග‍්‍රාහී ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා යෞවනයෝ ජයග‍්‍රාහී ඉලක්කය කඩලූ 8ක් දැවී පන්දු වාර 6 ක් ඉතිරිව තිබියදී සපුරා ගත්හ.

හය වැනි කඩුල්ල වෙනුවෙන් නායක වෙල්ලාලගේ සමග එක්වූ පවන් පතිරාජ ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් ගොඩ නංවා තිබියදී පතිරාජ ලකුණු 17කට දුවද්දී දැවී යෑමකට හසුව දැවී යෑමත් ජයග‍්‍රහණයට ලකුණු 12 ක් තිබියදී නායක වෙල්ලාලගේ ලකුණු 18 දැවී යෑම ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණය ප‍්‍රමාද කිරීමට සමත්විය.

කෙසේ වෙතත් අංක 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි යසුරු රුද්‍රගෝ ශ‍්‍රී ලංකාව ජයටැඹ කරා රැුගෙන ගියේ තවත් කඩුලූ 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. එහිදී යසුරු පන්දු 28 කදී ලකුණු 12 ක් ද මතීෂ පතිරණ පන්දු 13 කදී ලකුණු 6 ක් ද ලබා සිටියහ.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුලූ 3 ක්ද, යසුරු රුද්‍රගු, ට‍්‍රෙවීන් මැතිව් සහ රවීන් ද සිල්වා කඩුලූ 2 බැගින් බිඳ හෙළීමට සමත්විය.

ලකුණු සාරාංශය

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 34.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 114 යි – (ටොම් පේ‍්‍රස්ට් 13, රෙහාන් අහමඞ් 19, ජේම්ස් කෝල්ස් 16, ඇලෙක්ස් හෝර්ටන් 18, ජේම්ස් සේල්ස් 13, දුනිත් වෙල්ලාලගේ 13/3, රවීන් ද සිල්වා 18/2, ට‍්‍රෙවීන් මැතිව් 10/2, යසුරු රුද්‍රිගෝ 29/2, වනුජ සහන් 22/1*

ශ‍්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 44 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 115 යි – (අන්ජල බණ්ඩාර 29, පවන් පතිරාජ 17, දුනිත් වෙල්ලාලගේ 18, යසුරු රුද්‍රිගෝ 12, රෙහාන් අහමඞ් 20/2, තෝමාස් ඇස්පින්වෝල් 10/2, ටොම් ප්‍රෙස්ට් 13/1, නේතන් බාන්වෙල් 13/1

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment