එංගලන්තය  ජයග්‍රහණයට  ළං වෙයි

197

නවසීලන්තය සහ එංගලන්තය අතර එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය හඹා යන සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගයේ හතරවන දිනය වූ පෙරේදා (26 වෙනිදා) දිනයට තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 183ක් ලබා ගෙන සිටියේය.

 ඒ අනුව තරගයේ පස්වන සහ අවසන් දිනය වන විට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 113 ක් පිටුපසින් සිටි එංගලන්තය ඒ සඳහා කඩුලු 8ක් අතැතිව සිටියේය.

 එහිදී ඔලී පෝප් නොදැවී ලකුණු 81ක් සහ හිටපු නායක ජෝ රූට් නොදැවී ලකුණු 55 ක් රැස් කරගෙන සිටියහ.

 මෙම තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 55කට බිඳ වැටී තිබියදී ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 162ක් සහ ජේ. ඕවර්ටන් ලකුණු 97ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 360ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූහ.

 ලකුණු සාරාංශය

 නවසීලන්තය පළමු ඉනිම 329/10

 එංගලන්තය පළමු ඉනිම 360/10

 නවසීලන්තය දෙවෙනි ඉනිම 326/10

 එංගලන්තය දෙවෙනි ඉනිම 183/2

advertistmentadvertistment
advertistmentadvertistment