එංගලන්තය දෙවැනි ජය ලබයි

294

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේදී වාර්තා කළ සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත්විය. එ් බංග්ලාදේශ කණ්ඩායම සමගින් ඊයේ පැවැති තරගයේදී කඩුලූ 8ක පහසු ජයක් වාර්තා කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 124ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14.1කදී කඩුලූ 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

එංගලන්තය ජයග‍්‍රාහි මාවතට කැඳවාගෙන ආ ජේසන් රෝයි පන්දු 38කදී ලකුණු 61ක් වාර්තා කළේය. ඬේවිඞ් මලන් නොදැවී ලකුණු 28ක් වාර්තා කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ මුෂ්ෆිකර් රහිම් පන්දු 30කදී ලකුණු 29ක් වාර්තා කළේය. මහමුදුල්ලා ලකුණු 19ක් සහ නුරුල් හුසේන් ලකුණු 16ක් වාර්තා කළේය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment