එංගලන්තය නවසීලන්තය කරට කර සටනක

130

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නිමාකරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ලකුණු 98 ක් ඉදිරියෙන් සිටියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී තම මුල් ඉනිම සඳහා ලකුණු 325 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත ක්‍රීඩකයෝ සියලුදෙනා දැවී ලකුණු 306 ක් ලබා ගත්හ. එහිදී නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් ලකුණු 138 ක් ලබා ගත්තේය.

ලකුණු 19 ක වාසියක් සමග දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 79 ක් රැස්කර ගෙන සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment