එංගලන්තය නූලෙන් බේරෙයි

355

ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කි‍්‍රයාත්මක අලූබඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (09 වැනිදා* ජය පරාජයෙන් තොරව අවසන් විය. එ් ඔස්ටේ‍්‍රලියාවට වැඩි ගෞරව අත්කර දෙමිනි.

 ජයග‍්‍රහණය සඳහා ලකුණු 388ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ ඊයේ දිනය නිමාවට පත්වන විටදී කඩුලූ 9ක් දැවී ලකුණු 270ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

 එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ ෂැක් ක‍්‍රවුලි ලකුණු 77ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 60ක් වාර්තා කළේය. ජොනි බෙයාස්ටෝ ලකුණු 41කට දැවී ගියේය.

 ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඞ් කඩුලූ 3ක් බිඳ දැමූ අතර පැට් කමින්ස් සහ නේතන් ලයන් කඩුලූ 2ක බැගින් බිඳ දැමීය.

 දෙරට අතර තරග 5කින් සමන්විත අලූබඳුන තරගාවලියේ පළමු තරග 3ම ජය ගනිමින් තරගාවලිය 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්වී සිටී.

 ලකුණු සාරාංශය

 ඔස්ටේ‍්‍රලියා පළමු ඉනිම 416/10

 එංගලන්ත පළමු ඉනිම 294/10

 ඔස්ටේ‍්‍රලියා දෙවැනි ඉනිම 265/6

 එංගලන්ත දෙවැනි ඉනිම 270/9

advertistmentadvertistment
advertistmentadvertistment