එංගලන්තය බලා ගිය සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළී 27ක් මරුට

259

එංගලන්තය බලා යාත‍්‍රා කරමින් තිබූ සංක‍්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරේදා (24දා) ඉංග‍්‍රීසි ඕඩයේදී පෙරළී දියේ ගිලීම හේතුවෙන් බෝට්ටුවේ සිටි සංක‍්‍රමණිකයන් 27 දෙනකු මිය ගොස් තිබේ. මෙසේ දියේ ගිලී මිය ගොස් ඇති සංක‍්‍රමණිකයන් අතර කාන්තාවන් 05 දෙනකු හා එක් ගැහැනු ළමයෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. දියේ ගිලූණු බෝට්ටුවේ සිටි තවත් සංක‍්‍රමණිකයන් දෙදෙනකු බේරා ගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබේ.

ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන්ගේ සංවිධානයට අනුව මෙසේ වෙනත් රටවලට සංක‍්‍රමණය වන බෝට්ටු පිළිබඳව එම සංවිධානය විසින් දත්ත එකතු කිරීම ආරම්භ කළ 2014 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළ ඉංග‍්‍රීසි ඕඩයේ සිදු වූ වැඩිම සංක‍්‍රමණිකයන් පිරිසක් මරණයට පත් වූ බෝට්ටු අනතුර මෙය වේ. ප‍්‍රංශයේ සිට සංක‍්‍රමණිකයන් පිරිස අනතුරට පත් බෝට්ටුවෙන් එංගලන්තය වෙත ප‍්‍රවාහනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 04 දෙනකු බෙල්ජියම් දේශ සීමාවේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. මෙම අනතුර පිළිබඳව සැළ වීමත් සමගම ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කර ඇති එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් හා ප‍්‍රංශ අගමැති එමානුවෙල් මැක්රෝන් ඉදිරියේදී නීති විරෝධී අයුරින් සංක‍්‍රමණිකයන් සිය රටවලට පලා ඒම වැළැක්වීමටත් විවිධ කල්ලි විසින් මේ අයුරින් සංක‍්‍රමණිකයන් බෝට්ටු මගින් ප‍්‍රවාහනය කරමින් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම නතර කරන බවට ප‍්‍රතිඥා දී තිබේ. ප‍්‍රංශ හා එංගලන්ත බලධාරීන් ගුවනින් හා මුහුදෙන් දියේ ගිලූණු බෝට්ටුවේ සිටි අනතුරට පත් සංක‍්‍රමණිකයන් සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment