එංගලන්තය වසර 24කට පසු  අවසන් මහා තරගයට

64

වසර 24කට පසුව යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම පෙරේදා (01 වැනිදා) සමත් විය.

 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ඇන්ටිගුවා හි විවියන් රිචර්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමග පෙරේදා පැවති තරගයෙන් ලකුණු 19 ක ජයග‍්‍රහණයක් ලබා ගත් එංගලන්ත යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම එම දස්කම් දැක්වීමට සමත් විය.

 පන්දු වාර 47 කට සීමා වූ එම තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේදී කඩුලූ 6ක් දැවී ලකුණු 231 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 215ක් පමණි.

 ඩක්වර්ත් ලූවිස් න්‍යයාය යටතේ එසේ ජයග‍්‍රහණය ලැබූ එංගලන්ත කණ්ඩායමේ අවසන් මහා තරගයේ ප‍්‍රතිවාදියා කවුරුන්ද යන්න ඊයේ (02 වැනිදා ) ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් තීරණය වීමට නියමිතයව තිබුණි.

 ලකුණු සාරාංශය

 එංගලන්තය – 231/6 (47),ජෝර්ජ් තෝමස් 50,ජොර්ජ් බෙල් නොදැවී 56, ඇලෙක්ස් හෝර්ටන් නොදැවී 53,පන්දු යැවීම,නවීඞ් ශර්ධාන් 67/2, නූර් අහමඞ් 32/2,

 ඇෆ්ගනිස්තානය – 215/9 (47) අල්ලාහ් නූර් 60, මොහොමඞ් ඉෂාක් 43, පන්දු යැවීම,රෙහාන් අහමඞ් 41/4, ටොම් අස්පින්වාල් 37/2

advertistmentadvertistment
advertistmentadvertistment