එංගලන්ත අගමැති ජොන්සන් තනතුර අත් හැරීමට සැරසේ

119

එංගලන්ත අගමැති බොරිස් ජොන්සන්ගේ රජයෙන් හා කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉල්ලා අස් වූ සංඛ්‍යාව 50 ඉක්මවා යෑමත් සමගම තමා ද සිය ධුරයෙන් ඉවත් වන බව අගමැති ජොන්සන් පවසා ඇතැයි එංගලන්ත මාධ්‍ය ඊයේ (07දා) දහවල් වාර්තා කර තිබිණි.

ලන්ඩනයේ ඩවුනින් වීථියේ නොම්මර 10 ස්ථානයේ පිහිටි අගමැති නිල නිවසෙහි නිලධාරීන් විසින් වාර්තා කර ඇති අන්දමට අගමැති ජොන්සන් විසින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධානීන් අමතා තමා සිය ධුරයෙන් ඉවත් වීමට කැමති බව ප්‍රකාශ කර තිබේ. අත්තනෝමතික හැසිරීම් රටාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ක්‍රිස් පින්චර්ගේ එම හැසිරීම පිළිබඳව දැන දැනම ඔහුව ඉහළ තනතුරකට පත් කිරීමට අගමැති ජොන්සන් කටයුතු කිරීම හේතුවෙන් එංගලන්ත රජයේ බොහෝ ඇමැතිවරුන් පක්ෂ නිලධාරීන් ඇතුළු 50කට අධික පිරිසක් ඊයේ වන විට අගමැතිවරයාගේ රජයෙන් ඉල්ලා අස් වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment