එංගලන්ත අගමැති ධුරයට තරග වදින විදේශ ලේකම්වරියට පරාජිතයන්ගේ සහාය

331

එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය හා රටේ අගමැති ධුරය සඳහා පවතින තරගයට ඉදිරිපත් වී සිටින එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් හට සහාය දීමට අදාළ ධුරයන් සඳහා තරග කරන අපේක්ෂකයන් දෙදෙනකු තීරණය කර තිබේ.

එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ව්‍යාපාරයේ (බ්‍රෙක්සිට්) නියෝජිතයෙකු වන ඩේවිඩ් ෆ්‍රොස්ට් හා නීති සම්පාදකවරයෙකු වන සුවෙල්ලා බ්‍රේවමන් විදේශ ලේකම්වරිය වන ට්‍රස් හට සිය සහාය ලබා දෙන බව මේ වන විට නිවේදනය කර තිබේ. ෆ්‍රොස්ට් සාමිවරයා දැනට පැවති තරග වට දෙකේදී සිවු වන ස්ථානයට පත්ව සිටින සමානාත්මතා ඇමැති කෙමි බඩේනොක්ගෙන් ඉල්ලා ඇත්තේ තරගයෙන් ඉවත් වී විදේශ ලේකම් ට්‍රස් හට සිය සහාය පළ කරන ලෙසයි.

දැනට එංගලන්තයේ පාලක පක්ෂ නායකත්වය හා අගමැති ධුරය සඳහා පැවති තරග වට දෙකෙන්ම ජයගෙන ඇත්තේ හිටපු මුදල් ලේකම් වරයා වන රිෂි සුනක් වන අතර පෙරේදා පැවති දෙවැනි වටයේ ජන්ද විමසීමේදී ඔහුට ජන්ද 101 ක් ලැබී තිබිණි. එම වටයේදී තුන්වැනි ස්ථානයට පත් විදේශ ලේකම් ට්‍රස් හට ජන්ද 64ක් ලැබී තිබිණි. මේ අතර ‘ටයිම්ස්’ සඟරාව පවසනුයේ අගමැති ධුරයෙන් ඉවත්ව සිටින වැඩබලන අගමැති බොරිස් ජොන්සන් දැනට පැවති තරග වටවලදී පරාජය වූ අපේක්ෂකයන්ගෙන් හිටපු මුදල් ලේකම් රිෂි හැරෙන්නට අනෙකුත් ඕනෑම අපේක්ෂයෙකුට සහාය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. රිෂි සුනක් හට අගමැති ධුරයට පත් වීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙහිදී ජොන්සන්
අගමැතිවරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment