එංගලන්ත කිරුළ බෙන් ස්ටෝක්ස්ට

164

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පත්කර තිබේ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 81 කට ක්‍රීඩා කළ ස්ටෝක්ස් හිටපු නායක ජෝ රූට් යටතේ උප නායකයා ලෙස ද වරින් වර කටයුතු කරනු ලැබීය.

එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස වසර පහක් පමණ කටයුතු කළ දකුණත් පිතිකරු ජෝ රූට් යටතේ එංගලන්ත කණ්ඩායම පසුගිය ටෙස්ට් තරගාවලි කිහිපයේ දී දක්වන ලද දුර්වලතාවය හේතුවෙන් නායකත්වයෙන් ඉවත්වීමට රූට් පියවර ගත්තේය.

රූට් ගේ ඉවත් වීමෙන් හිස් වුණු එංගලන්ත කණ්ඩායමේ නායකත්වය සඳහා එංගලන්ත ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂවරයා බෙන් ස්ටෝක්ස් තෝරා ගනු ලැබීය.

එම යෝජනාවට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් එකඟ වීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස් මින් ඉදිරියට එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරයි. කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමේදී ස්ටොක්ස්ගේ කොන්දේසියක් වූයේ කොදෙව් සංචාරයේදී ඉවත් කරන ලද වේග පන්දු යවන්නන් දෙදෙනා වන ජෙම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බෝඩ් යළි කණ්ඩායමට අවශ්‍ය බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment