එංගලන්ත මන්ත‍්‍රීවරයෙක් පිහි ප‍්‍රහාරයකින් ඝාතනය කෙරේ

415

ඉකුත් සිකුරාදා (15 දා) දිනයේ අභිරහස් ලෙස මරා දමා තිබූ එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ මන්ත‍්‍රී ශ‍්‍රීමත් ඬේවිඞ් අමෙස්ගේ ඝාතනයට සැක පිට 25 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අලී හාර්බි අලී නමැති සෝමාලියානු සම්භවයක් සහිත එංගලන්ත ජාතිකයකු වන අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ත‍්‍රස්තවාදී පනත යටතේ ලබන සිකුරාදා දිනය තෙක් ලන්ඩන් පොලිස් ස්ථානයේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය බලාපොරොත්තු වේ.

හිටපු එංගලන්ත මන්ත‍්‍රී ශ‍්‍රීමත් අමෙස්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය පිටුපස ඉස්ලාමීය අන්තවාදයේ සම්බන්ධතාවයක් පවතින බවයි. එසෙක්ස් ප‍්‍රාන්තයේ පිහිටි ලයි ඔන් සී නගරයේ මෙතෝදිස්ත පල්ලියක නියෝජිතයන් පිරිසක් සමග හමුවක් පවත්වන අතරතුර ශ‍්‍රීමත් අමෙස්ව පිහි ප‍්‍රහාර කිහිපයක් එල්ල කොට මරා දැමීමට අත්අඩංගුවට පත් සැකකරු විසින් ක‍්‍රියා කර තිබිණි. මෙම ප‍්‍රහාරයට වෙනත් කිසිවකු සම්බන්ධ බවට විශ්වාස නොකරන බව පොලිසිය විසින් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment