එංගලන්ත වෙළෙද ඇමැති රනිල්ගේ උපන් දිනය මදුරාවලදී සමරයි

323

මහා බි‍්‍රතාන්‍යයේ වෙළෙද අමාත්‍ය රනිල් ජයවර්ධන මහතාගේ උපන් දිනය පසුගිය 03 දිනට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ඔහුගේ පියාණන් උපන්ගම වන මදුරාවල පිහිටි අම්පිටිගල ශ‍්‍රී සුමංගලාරාමයේදී පැවැත්විණි.

එංගලන්ත වෙළෙද ඇමැති රනිල්ගේ උපන් දිනය මදුරාවලදී සමරයි

මදුරාවල මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මදුරාවල සංචාරක පදනමේ සභාපති පූජ්‍ය හාතියල්වෙල චන්දානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම සමරු වැඩසටහන නිරෝධායන නීති රීතීන්ට අනුගත වෙමින් පවත්වන්නට යෙදුණි.

එංගලන්ත වෙළ`ද අමාත්‍යවරයාට සෙත්පතා පැවැත්වීමට නියමිතව තිබූ ආශිර්වාද පූජා පිංකම පවත්නා සෙෘඛ්‍ය තත්ත්වය මත අවලංගු කර ඒ වෙනුවට විහාරස්ථාන භුමියේ රුක් රෝපණ වැඩසටහනක් පැවති අතර එම අවස්ථාවට මදුරාවල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිල් රුවන් කුමාරල මදුරාවල සංචාරක පදනමේ ලේකම් විශ‍්‍රාමික විදුහල්පති ඕ. ලයනල්ල රත්නපුර හෝටල් පාසලේ විදුහල්පති කණිෂ්ක ජයතුංග යන මහත්වරුන් ඇතුඑ සිමිත පිරිසක් සහභාගි වූහ.

අගුරුවාතොට-මංගල ප‍්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment