එකඟතාවක් මිස සන්ධානයකට එක්වූයේ නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

104

තමා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී විපක්ෂයේ පොදු කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටු කිරීමට එකඟතාවක් ඇති කරගත් බවත් ඒ හැර කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (14 දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 “රට තුළ උද්ගතවූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ මා 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළෙමි. සැමවිටම මා කටයුතු කරනු ලැබුවේ සිතට එකඟව වන අතර, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන්වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමට ද මහජන නියෝජිතවරියක් ලෙස මා නොපැකිළෙමි” යැයි ද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment