එකඟතා බිඳ වැටේ… කෝප් – කෝපා ලොකු පුටු විපක්‍ෂයට දීම නවතියි! කාරියවසම් හරහට හිටී

564

පොදු ව්‍යාපාර කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව (කෝප් සහ කෝපා) සහ පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුර විපක්‍ෂයට ලබාදීමට මීට පෙර එකඟතාවයක් පළ වුවද මේ වනවිට එම ධුර විපක්‍ෂයට නොලැබෙන තත්ත්වයක් මතුව තිබේ.

ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම තනතුරු විපක්‍ෂයට ලබා නොදිය යුතු බවට මතු කර ඇති විරෝධතාවයයි.

අදාළ තනතුරු විපක්‍ෂයට ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පක්‍ෂ නායක රැස්වීමේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී ද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් එම තනතුරු මේ වනවිට විපක්‍ෂයට ලබාදීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති පක්‍ෂනායක රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්ව ඇති අතර එවිට ද සාගර කාරියවසම් මහතා සිය විරෝධය පළ කර ඇත.

එහිදී මන්ත්‍රීවරයා කියා ඇත්තේ එම තනතුරු විපක්‍ෂයට ලබා නොදෙන බවට තමා වෙත කථානායකවරයා පැවසූ බවය. එහිදී මන්ත්‍රීවරයා කියා ඇත්තේ අරගල කාලයේදී ලබාදුන් පොරොන්දු දැන් වලංගු නැතැයි කියා කථානායක තමන්ට ඔහුගේ කාමරයේදී ප්‍රකාශ කළ බව යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට කීය.

එම කමිටුවල සභාපති ධුර සඳහා සජබය, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් යෝජනා කොට පක්‍ෂය තුළ සම්මත කර ගෙන තිබිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment