එකට කෑම කන්නූ රැස්වෙලා ප‍්‍රශ්න පත‍්‍රය සාකච්ඡා කරන්න එපා

193

* විභාගය ලියන උ.පෙළ සිසුන්ගෙන් ඉල්ලයි

අද (7 දා) දින සිට උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ලැබෙන කෙටි විවේකයේදී එකට එක්රැුස්වී ආහාර ගැනීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වෛi සේවා) විශේෂඥ වෛi ජී. විජේසූරිය මහතා උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටී.

විභාගයට පෙනී සිටින අවස්ථාවේ සිසුන් නිසි ලෙස මාස්ක් පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද හෙතෙම පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ඔමික්‍රෝන් ඉතා ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබෙන නිසා අද සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සෞඛ්‍යාරක්‍ෂාව ගැන සිතීම ඉතා වැදගත්. අද විභාගයට ආවට පස්සේ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. විභාගය අතරතුර ලැබෙන විවේකයේදී කට්ටිය එකට වටවෙලා කෑම කන්න එපා. තනි තනියෙන් කෑම කන්න. කට්ටිය වටවෙලා විභාග ප‍්‍රශ්න පත්තරේ ගැන සාකච්ඡුා කරන්න යන්න එපා.

විභාගය ලින්න ඉන්න දරුවකුට කොවිඞ් ආසාදනය වෙලා නම් ඔහුට රෝහල් තුළ ස්ථාපිත විභාග මධ්‍යස්ථානවලදී ලියන්න අවස්ථාව සලසා තිබෙනවා.

විභාගය ඉවරවුණු ගමන් යාළුවෝ එක්රැුස්වෙලා කතාබස් නොකර වහාම ගෙදර යන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment