එකම ගෙදරට A සාමාර්ථ 18ක් – මහියංගණ ජාතික පාසලේ පමුදිනි හා සමුදිනි A නවය බැගින් ලබා ගනිති

510

පසුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵලවලින් ‘‘ඒ සාමාර්ථ 18ක් එකම නිවසකට’’ ලැබී ඇති බවට මහියංගණ ඇළෑවෙල ප‍්‍රදේශයෙන් ආරංචියක් අපට ලැබුනා. ඒ සාමර්ථ අටක් හෝ නවයක් ලැබුනා කියලයි වෙන අවස්ථාවන්වලදී අපට අහන්න ලැබෙන්නේ. ඒ නිසාම අප ඒ පිළිබදව සොයා බලන්නට තීරණය කළා.

එකම ගෙදරට A සාමාර්ථ 18ක් - මහියංගණ ජාතික පාසලේ පමුදිනි හා සමුදිනි A නවය බැගින් ලබා ගනිති

මහියංගණ අධ්‍යාපන කොට්ඨාශයේ මහියංගණ, ඇළෑවෙල, ‘‘අශ්වනාත වත්ත’’ ඞී. කෝසල විජේමාන්න යන ලිපිනයේ පදිංචි නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග‍්‍රීසි මාධ්‍යයයෙන් පෙනී සිටිමින් මෙම දක්ෂතාවය දක්වා ඇත. ඞී.එස්. පමුදිනි විජේමාන්න හා ඞී.එස්. සමුදිනි විජේමාන්න එම නිවුන් දියණියන් දෙදෙනාය. මහියංගණ ජාතික පාසලේ අධ්‍යාපනට හදාරා ඇති අතර  පසුගියදා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵලවලට අනුව එක් දියණියක් ඒ සාමාර්ථ 09 බැගින් ලබා ගනිමින් ඉහළින්ම සමත්ව විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත්ව ඇත. එසේම  මහියංගණය වැනි දුෂ්කර ප‍්‍රදේශයක ඉංග‍්‍රීසි මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මේ ආකාරයෙන් විශිෂ්ට දස්කම් දක්වන්නට හැකිවීමද සුවිශේෂී වේ. එසේම මෙම දියණියන් දෙදෙනා ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 167ක් හා 157ක් ලබාගෙන දක්ෂතා දැක් වූ දැරියන් වන අතර, මහියංගණ ජාතික පාසලේ ශිෂ්‍ය නායකයන් ලෙසද කටයුතු කරමින් පාසලේ දීප්තිමත් දැරියන් ලෙස ගුරුවරුන්ගේ ප‍්‍රසාදයට ලක්වූ දියණියන් දෙදෙනෙකි. දියණීයන් දෙදෙනා චිත‍්‍ර ඇඳීමේ විශේෂ දක්ෂතාවයක් දක්වන දැරියන් දෙදෙනෙකු බවට එහි ගිය අප හට පෙනී ගියේය. දැරියන් දෙදෙනාගේ මව ලංකා ලක්මාලි රත්නායක වන අතර මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් ලෙස සේවය කරන අතර, කෝසල විජේමාන්න නම් වන පියා පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වේ.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment