ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට මංගල සීනු කැඳවමින් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු ගේ විවාහ ගිවිස ගැනීම් පසුගියදා සිදු වුණා. එම විවාහ ගිවිස ගැනීම් අතර එක් ක්‍රීඩකයකුගේ විවාහ මංගල්‍යය ද සිදු වුණා. ඒ තමයි ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත. විවාහ ගිවිස ගැනීම් සිදු වුණේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහ මැද පෙළ වමත් පිතිකරු චරිත් අසලංකගේ.

එකම දවසේ මංගල සීනු හැඬවුණු ක්‍රිකට් තරු තුන
පැතුම් – චමෝදි

මේ තුන්දෙනා ගේ මෙම මංගල කටයුතු සිදු වුණේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගාවලියක් පැවැත්වෙමින් තිබියදී වීම තවත් විශේෂත්වයක්. විශේෂයෙන් විවාහ මංගල්‍යයට පෙරදින

රාත්‍රියේ ද ඔවුන් එම තරගාවලියේ දෙවැනි තරගයට ක්‍රීඩා කළා ඒ පසුගිය 27 වැනිදා. විවාහය සිදු වුණේ 28 වැනිදා. ඒ වගේම විවාහ දිනයට පසු දිනය වූ එනම් 29 වැනිදා මහනුවරදී උදෑසන පැවැති ක්‍රිකට් පුහුණුවීම් සඳහා ද ඔවුන් සහභාගි වුණා.

එකම දවසේ මංගල සීනු හැඬවුණු ක්‍රිකට් තරු තුන
කසුන් – චමත්කි

කසුන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට පෙර දින පැවති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යවන්නා වුණේ ද කසුන් රාජිතය. ඔහු ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත්තා. තරගය වැස්සට හේදිලා ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා ද ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි පැතුම් නිශ්ශංක. වැසි වසින විට ඔහු නොදැවී ලකුණු 03 ක් ලබාගෙන සිටියා. ඊට පෙර තරගයේ පැතුම් ලකුණු 85ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණා.

එකම දවසේ මංගල සීනු හැඬවුණු ක්‍රිකට් තරු තුන
චරිත් – කවින්ද්‍යා

මේ තිදෙනාම වැස්සට සේදුණු දෙවැනි තරගයට පසුව එදින රාත්‍රියේම මහනුවරින් පිටත්ව පසුදින පැවැත්වෙන තම මංගල කටයුතු සඳහා පැමිණියා. ඒ සඳහා ඔවුන් විශේෂ අවසරයක් ලබාගෙන තිබුණා. කසුන් රාජිතගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේදී. ඔහුගේ අත ගත්තේ චමත්කි.

කසුන්ගේ දෙවැනි මනාලයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් වන ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මධුසංඛ, රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය සහභාගි වුණා. මේ හතර දෙනාම පන්දු යවන්නන් වීමත් විශේෂයි.

පැතුම් විවාහ ගිවිස ගත්තේ ඒෂානි චමෝදි සමගයි. කළුතර ප්‍රදේශයේ හෝටලයකදී. චරිත් සහ කවින්ද්‍යා ගේ විවාහ ගිවිස ගැනීම මාදුගඟ විලා නම් හෝටලයේදී සිදු කෙරුණා. මේ ඡායාරූපවල දැක්වෙන්නේ අපේ ක්‍රිකට්තරු වලට සුවිශේෂි වූ ඒ චමත්කාරජනක දිනයේ අවස්ථාවන් කිහිපයකි.



advertistmentadvertistment
advertistmentadvertistment