එකම පවුලේ පියා, මව සහ පුතා උඩරට මැණිකෙට බිලි – දිවිනසා ගත්තාද – දුම්රියේ ගැටුණාද විමර්ශන

1004

බදුල්ල සිට කොළඹ දක්වා ඊයේ (08දා) උදෑසන ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී පියා, මව සහ පුතා ජිවිතක්ෂයට පත් වී ඇති බව වටවල පොලිසිය පවසයි.

මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ ප‍්‍රැන්සිස් (75), වේලූදන් කමලන් (60), ශාන්තකුමාර් රාජ් (40) නමැති මස්කෙළිය සාමිමලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව වටවල පොලිසිය සඳහන් කළේය.

ඊයේ උදෑසන 11.45 ට පමණ මෙම තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදී දුම්රියේ ගැටී ඇත.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළ`ගාවීමට පෙර මියගිය තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට පාගමනින් ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙක් පැවැසීය.

මියගිය තිදෙනා දුම්රියට පැන දිවි හානි කරගත්තාද නැතහොත් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිළිබ`දව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැුගෙන ගොස් භාරදීමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

නුවරඑළිය – නාලක රත්නායක,  හැටන් – මනුර සුදත් සෙල්ලහේව
 

advertistmentadvertistment
advertistmentadvertistment