එකම පවුලේ මව, පියා සහ පුතු අවුරුදු කුමර කුමරියෝ වෙති

247

හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයේ 2004 කණ්ඩායමේ අලුත් අවුරුදු උත්සවය හිටපු විදුහල්පති එච්. අබේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී පැවත්විණි.

එක් වයස් කාණ්ඩයක් වෙනුවෙන් පැවැති මෙම අවුරුදු උත්සවයේ දී තක්‍ෂිලා ආදි සිසුන්ගේ පවුල් අතර සුහදතාවය වර්ධනය කිරීමත් සිංහල සහ හින්දු අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමත් අරමුණු කරගෙන පැවැති අතර පාරම්පරික ජන ක්‍රීඩා රැසක් පැවැත්විණි. මෙහි විශේෂත්වය වූයේ එකම පවුලේ තක්‍ෂිලා ආදි සිසු පියා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පෙමිල් ධර්මසේන අවුරුදු කුමාරයා වීමත් මව පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයේ ගුරුවරියක් වන උදේශිකා සෙනෙවිරත්න මහත්මිය අවුරුදු කුමරිය වීමත් පුතා හොරණ රාජකිය විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ලසස් දෙව්තරු ධර්මසේන සිඟිති අවුරුදු කුමාරයා වීමත්ය.
අඟුරුවාතොට – මංගල සාන්න

advertistmentadvertistment
advertistmentadvertistment