එකම සමාගමේ පොහොර සාම්පල් දෙකක ප‍්‍රතිඵල දෙකක් දීම ගැන සීඅයිඞී විමර්ශන – ඇමැති මහින්දානන්ද කියයි

214

විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේදී ප‍්‍රතිඵල දෙකක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සැකයක් හේතුවෙන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැය කොට බොරු ප‍්‍රචාර සමාජගත කර ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ සියුම් කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොර කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයන්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව පැවසූ ඇමැතිවරයා, සියයට සියයක්ම විෂබීජ හරණය කරන ලද පොහොර ආනයනය කිරීමට රජය කටයුතු කර ඇති බව ද පැවසීය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය කාබනික නයිට‍්‍රජන් හා පොටෑසියම් පොහොර සම්පූර්ණයෙන්ම ලබන ඔක්තෝබර් මස අවසන් සතිය වනවිට ආනයනය කර ගොවීන්ට නොමිලේ බෙදා දීමට මේ වනවිට සියලූ කටයුතු සලසා ඇති බව සඳහන් කළ ඇමැතිවරයා, වී ගොවීන්ට හෙක්ටයාර් එකකට කාබනික නයිට‍්‍රජන් පොහොර කිලෝ 500 ක් හා කාබනික පොටෑසියම් පොහොර කිලෝ 45 බැගින් නොමිලේ බෙදා හැරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment