එක්කෝටි හැටහත්ලක්ෂයක් වටිනා විදෙස් මුදල් සමග උණ්ඩියල් මුදල් හුවමාරු කරන්නා වැලිගමදී මාට්ටු  

105

නිතී විරෝධී උණ්ඩියල් ක්‍රමය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙකු විදේශීය මුදල් රැසක් සමග වැලිගම නගරයේදී පෙරේදා (27 දා) රාත්‍රී අත්අඩංගුවට ගත්හ. කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ උපාය දූතයකු යොදවා ගනිමිනි.

මෙම වැටලීමේදී ඉතාලි යුරෝ 100 නෝට්ටු 07 ක්, ඉතාලි යුරෝ 50 නෝට්ටු 73 ක්, 20 නෝට්ටු 14 ක්, 10 නෝට්ටු 09 ක්, 05 නෝට්ටු 13ක්, එංගලන්ත පවුම් 20 නෝට්ටු 29 ක්, 10 නෝට්ටු 05 ක්, 05 නෝට්ටු 03 ක්, අරාබි ඩීරාම් 1000 නෝට්ටු 18 ක්, 500 නෝට්ටු 01 ක්, ජපන් යෙන් 10000 නෝට්ටු 10 ක්, කටාර් රියාල් 500 නෝට්ටු 02 ක්, ඉන්දියන් රු. 100 නෝට්ටු 03 ක්, සවුදි රියාල් 500 නෝට්ටු 01 ක්, කුවේට් ඩිනාර් 20 නෝට්ටු 02 ක්, සිංගප්පුරු ඩොලර් 10 නෝට්ටු 01 ක් ආදී වශයෙන් විදෙස් නොට්ටු රැසක් මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. එම මුදල්වල දල වටිනාකම රු. එක්කෝටි හැටහත්ලක්ෂයකට ආසන්න බව වැලිගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවද වැඩිදුර විමර්ශන කටයුතුවලින් අනතුරුව වැලිගම පොලිසිය මගින් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතර අතිරේක – ලලිත් පත්මසිරි සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment