එක්කෝටි 17 ලක්ෂයකට එන්නත් දී අවසන්… කොවිඩ් කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ

291

සංචරණ නීති ඉවත් කළත් ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත විය යුතුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (30 දා) උදේ කළුතරදී ප‍්‍රකාශ කළේය.

යුද හමුදාපතිවරයා එසේ ප‍්‍රකාශ කළේ ලෝක හදවත් රෝග දිනය නිමිත්තෙන් කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති විශේෂ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් අදහ්ස දැක්වූ ඒ මහතා මෙසේද කීය. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව කටයුතු කරන අතරතුර ජනතාව තමන්ගේ හදවත රැුක ගැනීමට මෙන්ම ජීවිත රැුක ගැනීමට ද අවධානය යොමු කළ යුතුයි. කොවිඞ් කියලා හැමදාම ජනතාවට නැවතිලා ඉන්න බැහැ. රෝගී වූ පසු රැක බලා ගන්නවාට වඩා හදවත් රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් ඔවුන් බේරා ගැනීම රටට වාසිදායක තත්ත්වයක්. රට විවෘත කිරීමේදී සෞඛ්‍ය මෙන්ම” රාජ්‍ය පරිපාලන හා ප‍්‍රවාහන යන අංශ කෙරෙහිත් අවධානය යොමු කරනවා. තවදුරටත් පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යෑමට සිදු වෙනවා.

අපි කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවූයේ අප රටේ පළමු කොරෝනා රෝගියා වාර්තා වීමටත් පෙරයි. මේ වනවිට ජනගහනයෙන් එක් කෝටි 17 ලක්ෂයකට එන්නත් ලබාදී තිබෙනවා. හදවත් රෝගවලින් වසරකදී ලෝකයේ බිලියන 186ක් මියයනවා. ඒ කොරා්නාවලින් මියයනවාට වඩා දහස් ගුණයක්. හෘද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ලොව අඩු ආදායම්ලාභී රටවල්වලින්. එම ප‍්‍රචාරය සමස්ත රෝගීන්ගෙන් 80%ක්. මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය ස්ථාපිත කර තිබෙනවා. මේ වනවිට විශාල පිරිසකට ස්ටෙන්ට්ස් දමලා තියෙනව. මෙය විශාල මුදලක් වැය වන දෙයක්. වැදගත්වන්නේ වළක්වා ගැනීමයි. කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් රත්නසේකර මහතා ද මෙහිදී කතා කළේය. කළුතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වී සිටියහ.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

advertistmentadvertistment
advertistmentadvertistment