එක්දින සටනේ  ජය රාජකීයයන්ට

130

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ඵමිඒබටි කුසලනය වෙනුවෙන් පැවැති එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට රාජකීය කණ්ඩායම සමත්විය. ඒ තෝමස් විදුහල් කණ්ඩායම කඩලු 8කින් පරාජයට පත් කරමිනි.

 වසර 3කට පසුව පැවැති දෙවිදුහල් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සානත් තෝමස් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළේය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය කණ්ඩායම පන්දු වාර 42.3කදී කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 සදීෂ් රාජපක්ෂ නොදැවී ලකුණු 69ක් සහ උවිඳු වීරසේකර නොදැවී ලකුණු 35ක් රැස් කළේය. ඔවින අඹේපොල සහ සිනෙත් ජයවර්ධන පිළිවෙළින් ලකුණු 35ක් සහ 39ක් රැස් කළේය. සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කිරීමට මහිත් පෙරේරා සමත්විය. මුහිස් නවුශාන් ලකුණු 52ක් සහ නායක රයන් ප්‍රනාන්දු ලකුණු 30ක් රැස් කළේය. තරගයේ වීරයා සම්මානය රාජකීය විදුහලේ සදීෂ රාජපක්ෂට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment