එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ පෝර්ට් සිටි බලන්න එති

192

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්‍රමුඛ ආයෝජකයෝ පිරිසක් ඉකුත්දා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ.

එහිදී වරාය නගර ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක් ද පැවැත්විණි.

මෙහිදී කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතුවල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කරමින් එහි සැහැල්ලු යාත්‍රාංගණයෙහි සහ පදික මංතීරුවෙහි සංචාරයක යෙදුණු දූත පිරිස, ව්‍යාපෘතියේ මධ්‍ය සහ දිගු කාලීන ආයෝජන උපාය මාර්ග සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. 2023 වසරේ අප්‍රේල් මාසය වනවිට, කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා’ යැයි CHEC Port City Colombo (පුද්ගලික) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පැවසී ය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment