එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රතිසංවිධාන කරන්න චන්ද්‍රිකා මැතිනියගේ සහයෝගය ගන්නවා

408

මේ රටේ හය වතාවක්ම ආණ්ඩු බලය ලබාගත් පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය මැතිවරණයෙදී දැඩි පසුබෑමකට ලක්විය. නමුත් වත්මන් ආණ්ඩුවේද හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ රටේ පවතින ආර්ථික කඩා වැටීම හමුවේ ආණ්ඩුවේම තවත් හවුල් කාර පක්ෂ සමග කිසියම් දේශපාලන කතාබහක නිරතව සිටින බව පෙනෙයි. මේ වන විට ආණ්ඩුව බලයට ගෙන ඒමට ඉදිරියෙන්ම සිටි කස කාරයින් පසුවන්නේද ගැඹුරු නිහැ`ඩියාවකය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා එවැනි පසුබිමකදී එක්සත් ජනතා නිදහස් සංධානය නැවත පනගන්වන බව ප‍්‍රකාශ කර තිබේ. මේ සිදුවෙමින් පවතින්නෙ කුමක්ද.. අපි ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡා කළෙමු

 ප‍්‍රශ්නය- ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් මේ රටේ දීර්ඝ කාලයක් දේශපානයේ නිරත පක්ෂයක්. නමුත් පසුගිය මැතිවරණයේදී පක්ෂය ප‍්‍රබල පසුබෑමකට ලක්වෙනවා. මේ නිසා මෙවර හැත්තෑවෙනි සංවත්සරයට පා තැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටු වීමේ මූලික පදනමෙන් ඈත්ව දේශපාලන ගමන් මග වෙනස් කිරීමට සැළසුම් කර තිබෙනවාද

 පිළිතුර – පක්ෂය පිහිටුවීමේ මූලික සැකැස්ම මත තමා තාමත් අපි පක්ෂය ස්ථාවරව කරගෙන යන්නෙ. මූලික පදනමෙන් කිසි ඈත් වීමක් නෑ. ප‍්‍රධාන වශෂයෙන් ස`ග වෙද ගුරු ගොවි කම්කරු බලවේගය සහ එහි නායකත්වයත්, මැද මාවතක ගමන් කිරීමත්, නොබැඳී විදේශ ප‍්‍රතිපත්තියත් එක්ක ජාතිකත්වය මුල් කරගත්ත පක්ෂයක් විදියට අපි ඉදිරියට යනවා. නමුත් තිබෙන තත්තවයන් තුළ යම් යම් කරුණු සම්බන්ධව අපිට වෙනස් වීම් වෙන්න සිදුවෙනවා. මොකද අවුරුදු හැත්තෑවක් ගිය පක්ෂයක් විදියට වර්තමාන ප‍්‍රවණතා ගැන හිතල යම් වෙනස් වීම් කරන්න වෙනවා.

 ප‍්‍රශ්නය- මොනවගේ කරුණු සම්බන්ධයෙන්ද ඒ වෙනස් වීම සිදුවෙන්නෙ

 පිළිතුර – පක්ෂයක් විදියට අපි ඉන්න මතවාදය තමයි මේ රට අවුරුදු විස්සක විසිපහක ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගයකට අනුව ගමන් කළ යුතුයි කියන එක. එය සියලූ පක්ෂ අනුමත කරන එකම වැඩපිළිවෙලක් දක්වා ගෙනයා යුතුයි. ඒ කියන්නෙ අපි දීර්ඝකාලීන ජාතික ප‍්‍රතිපත්තියකට යා යුතුයි. මොකද මෙච්චර කාලයක් වුණේ බලයට ආව හැම පක්ෂයක්ම ඔවුන් හදන සැලැස්ම අවුරුදු පහකට හදනවා. අමාත්‍යාංශ වල ව්‍යාපෘති අවුරුදු පහකට හදනවා. හැබැයි මේ ආරථික ප‍්‍රතිපත්ති, සැලසුම් කි‍්‍රයාත්මක වෙන්නෙ අවුරුදු පහකට විතරයි. අවුරුදු පහෙන් පහට ඒවා වෙනස් වෙනවා. මේකෙන් තමා මේ විනාශය සිදුවෙන්නෙ. පැවති ආණ්ඩුව කරගෙන ආව වැඬේ නවත්තල ඊළගට පත්වෙන ආණ්ඩුව තව වැඩක් කරනාව. ඊළගට පත්වෙන ඇමැතිවරයා තව වැඩක් කරන්න ගන්නවා. මෙහෙම රටකට දුවන්න බෑ. ඒ නිසා අවුරුදු විස්සකට විසිපහකට රටකට අවශ්‍ය වන ආර්ථික, සෞඛ්‍ය, ආධ්‍යාපන, බලශක්තිය, කෘෂිකර්ම වැනි ප‍්‍රතිපත්ති හදන්න ඕන. අපේ පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පක්ෂය මේ වෙලාවේ කතාකරමින් සිටින්නෙ මෙන්න මේ කාරණාව. මේවා වෙනස් කරගෙන ගියේ නැත්නම් තවත් අවුරුදු හැත්තෑවක් විතර අපේ රටට නැගිටින්න බැරි තැනට තල්ලූවෙයි කියලයි අපි විශ්වාස කරන්නෙ.

 ප‍්‍රශ්නය- අපි දකිනවා මේ දවස්වල ආණ්ඩවේ හවුල්කාර පක්ෂ එකොළහක් පමණ ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය වන පොහොට්ටු පක්ෂය නොමැතිව වෙනමම සාකච්ඡා පවත්වනවා. ඇත්තටම මොනවද මේ සාකච්ඡා කරන්නෙ. ආණ්ඩුවෙන්වත් එළියට යන්නද

 පිළිතුර -නෑ නෑ ආණ්ඩුවෙන් එළියට යන්න නෙවෙයි. එදිනෙදා මතුවෙන කාරණා සම්බන්ධව අපි කොහොමත් පක්ෂ රැස්වීම් තියනවා. එතනදි යම් යම් කාරණා මතු කරල ගන්න වුණොත් අපි ඒවා මතු කරල අරන් සාකච්ඡා කරනවා.

 ප‍්‍රශ්නය- මේ සාකච්ඡාවලට මාර්ගය හදන්නෙ ආණ්ඩුව පිහිටුවීමට සහය වූ පක්ෂ වලට ආණ්ඩුව ඇතුළෙ දැන් වැඩි සැළකිල්ලක් නැති නිසාද

 පිළිතුර -එහෙමත් නෙමෙයි. ඇත්තටම ආණ්ඩුව ඇතුළෙදි සමහර වෙලාවට පොදුජන පෙරමුණ විසින් ගන්න තනි තීන්දු වලින් අපේ පක්ෂ වලට යම් යම් අහිතකර බලපෑම් සිද්ධ වෙනවා. පක්ෂවල තිබෙන අනන්‍ය ගුණයන් ඒ නිසා වෙනස්වීමටත් ඒ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයෙ යම් යම් ප‍්‍රශ්න ඇතිවීමට හේතුවක් වෙනවානම් අපි ඒවා සම්බන්ධව සාකච්ඡා කරනවා. ඊට පස්සෙ ඒ සමහර ප‍්‍රශ්න පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා කරල නිරාකරණය කරගෙන තියනවා.

 ප‍්‍රශ්නය- ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තෘප්තිමත්ද ආණ්ඩුවේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් විදියට පක්ෂයට ලැබෙන සැලකිලි ගැන

 පිළිතුර -මෙහෙමයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කරන කාලයේදී ආණ්ඩුවේ අනෙකුත් හවුල්කාර පක්ෂ වලට විශාල ඉඩකඩක් තිබුණා. නමුත් මේ අවස්ථාවේ එවැනි ඉඩකඩක් නැති බව අපට පේනවා. පක්ෂයක් විදියට අපේ ගාමක බලවේගය වන පල්ලෙහා ඉන්න ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට මේ යටතේ විශාල අඩුපාඩු ගණනාවක් සිද්ධවෙලා තියනවා. එය නිවැරදි කරගන්න අපි පුලූවන් තරම් උත්සහ කරනවා. අපි මේ සාකච්ඡා වලින් බලන්නෙත් ඒවා නිවැරදි කරගන්න පුලූවන්ද කියල.

 ප‍්‍රශ්නය- ප‍්‍රධාන පක්ෂයක් වටා මේ වගේ සුළු පක්ෂ එකතුව සාකච්ඡා පවත්වා සන්ධාන ගතව මැතිවරණ වලට මුහුණ දෙන ආකාරයේ අද්දැකීම් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තිබෙනවා. ඇත්තටම මේ සාකච්ඡාවල ආරම්භත් යම්කිසි තීරණාත්මක මොහොතක දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ සැලසුමක්ද

 පිළිතුර – එහෙම සැලසුමක් නම් නෑ. නමුත් අපේ එකමුතුව අපිට වැදගත් වෙනවා. හේතුව, විවිධ අවසථාවල එන ප‍්‍රශ්නත් එක්ක කොහොමද අපි එකට එකතුවෙලා වැඩ කරන්නෙ කියන කාරණයෙදි මේ එකමුතුව, එකඟතාවය වැදගත්. මොකද කුඩා පක්ෂ විදියට අපි සියලූ දෙනාම මුහුණ දෙන්නෙ එකම වගේ ගැටලූ ප‍්‍රමාණයකට. එවැනි අවස්ථාවල අපි එක මතයක ඉන්නවනම් කාටවත් තනි තීන්දු ගැනීමේ ඉඩකඩ අහිමි වෙනවා.

 ප‍්‍රශ්නය- මැතිවරණ කාලයේදී ආණ්ඩුව හදන්න වේදිකාවේ ඉදිරියෙන්ම හිටිය කසකාරයෝ දැන් පැත්තකට වෙලා වගේ පේනවා. රටේ ඉදිරි ගමන ගැන හිතුවොත් ජනාධිපතිතුමා දැන් ගෙන යන මේ වැඩපිළිවෙල ගැන ඔබේ පක්ෂයේ මතය මොකක්ද

 පිළිතුර -ඔව් ඉතින්, සමහර අයගෙ නිහ`ඩ වීමක් අපි දකිනවා. නමුත් ජනධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙල තුළ එතුමා සාධනීය කාර්යභාරයක් වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. යම් යම් දුර්වලතා සහ අඩුපාඩු තියනවා. අපි හිතනවා ඒවා හදාගෙන ඉදිරියට යයි කියල. මොකද මේ වැඩසටහන් කිරීමේදී ඒවා සම්බන්ධව උපදෙස් ගන්න අය කව්ද, ඔවුන්ගෙ වැඩපිළිවෙල මොකක්ද, ඒවා ප‍්‍රායෝගිකද, පල්ලෙහා මට්ටමට ගෙනියන්න පුලූවන්ද කියන සම්බන්ධව ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියනවා. ඒවා නිරාකරණය කරගත යුතුමයි. හැබැයි අවංකව කියන්න ඕන කාරණය තමයි, රාජ්‍ය දේපල පාවිච්චි කිරීමේදී ජනාධිතුමා එතුමාගේ කාලවකවානුව තුළදී ඉතා පරිස්සමින් ඒවා පාවිච්චි කරනවා කියා කියන්න ඕන. එතුමා හොරකන් කරා කියල කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි විදියට තවමත් එතුමා වැඩ කරනවා.

 ප‍්‍රශ්නය- නමුත් විපක්ෂයේ ප‍්‍රබල චෝදනාවක් වෙන්නෙ ආණ්ඩුවේ බලය එක පවුලක් තුළට නැත්නම් රාජපක්ෂ පවුල තුළට ගොනුවෙලා තියනවා කියන එක. මේ පවතින්නෙ පක්ෂ එකතුවක් හදපු ආණ්ඩුවක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාරණය දකින්නෙ කොහොමද

 පිළිතුර – ඒකට ඉතින් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් දායකත්වයක් දෙන්න සිදුවෙලා තියනවා. මම කියන්නෙ ඒක අති දැවැන්ත බලයක් කියලයි. මොකද එක පැත්තකින් අපි තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙනවා. අනෙක් පැත්තෙන් විසිවෙනි සංසෝධනයෙන් අති දැවැන්ත බලයක් ලබා දී තිබෙනවා. එය අයුතු ලෙස පාවිව්චි නොකරයි කියන විශ්වාසය තබාගෙන අපි ඉන්නෙ.

 ප‍්‍රශ්නය- ඔබේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවතත් ප‍්‍රතිසංවිධානය කරන බව. මේ සන්ධානය ප‍්‍රතිසංවිධානය කිරීමේ අරමුණ මොකක්ද

 පිළිතුර – එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පොදුජන එක්සත් පෙරමුණත් කියන සංධාන දෙකම අපි යටතේ තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සංධාන දෙකක්. ඒ දෙකම අපි සක‍්‍රීයව ඉදිරියටත් පවත්වාගෙන යන්න තීරණය කරල තියෙනවා. මොකද අපිට සංධාන ගතව දේශපාලනය කරන්න අවශ්‍ය ඕනම වෙලාවක ඒවා පාවිච්චි කිරීමේ හැකියාව තියනවා. ඒ වගේම අනෙකුත් පක්ෂත් එක්ක තිබෙන සම්බන්ධතාවත් අපි ඒ විදියටම ක‍්‍රියාත්මක කරගෙන යනවා. ශ‍්‍රී. ල. නි. ප. කියන්නෙ හැම විටම තනිවම තරග කරපු පක්ෂයක් නෙවෙයි. විවිධ පක්ෂ එක්ක එකතු වෙලා වැඩකරපු පක්ෂයක් තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ. සන්ධාන දේශපාලනය අපේ පක්ෂයට ඉතිහාසයේ වැදගත් ජයග‍්‍රහණ අත්කර දී තිබෙනවා. ඒ නිසා අනාගතයෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එය වැදගත් කියල අපි විශ්වාස කරන්නෙ.

 ප‍්‍රශ්නය- මේ ප‍්‍රතිසංවිධාන පිටුපස හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් ඉන්නවද

 පිළිතුර – නෑ, තවමත් එතුමිය සම්බන්ධ වුණේ නෑ. අනාගතයේදී එතුමියත් මේ ක‍්‍රියාවලියට එකතු කරගැනීමයි අපේ බලාපොරොත්තුව. මොකද චන්ද්‍රිකා මැතිනියත් පක්ෂයට විශාල ශක්තියක්. මේ සියල්ල සාර්ථක වෙයි කියලයි අපේ විශ්වාසය.

 ප‍්‍රශ්නය- පක්ෂයේ සැලසුම වී තිබෙන්නෙ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නැවත වතාවක් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන්නද

 පිළිතුර – ඒක අපිට දැන්මම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි අනාගතයේදී කතා කළ හැකි කාරණයක්.

 සාකච්ඡා කළේ – තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment