එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී ඇමෙරිකාව සහ රුසියාව ගැටෙයි

548

රුසියාවට සම්බාධක පනවන බවට ඇමෙරිකාව තර්ජනය කරයි

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී රුසියාව සහ ඇමෙරිකාව අතර බරපතළ ගැටුමක් ඇති වී ඇත.

රුසියානු හමුදා යුක්රේන දේශ සීමාව අසල කඳවුරු බැඳීම මෙතෙක් දුටු විශාලතම අභ්‍යාසය බව ඇමෙරිකානු තානාපතිනි ලින්ඩා නෝමන් පැවසීම මෙම ගැටුමට මුල් වී තිබේ.

මෙයට ප‍්‍රතිචාර දැක් වූ රුසියාව ඇමෙරිකාව යුක්රේන ජනතාව අතර භීතියක් ඇති කිරීමට කටයුතු කරන බව පවසා ඇත. මේ අතර ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය එක් වී රුසියාවට සම්බාධක පැනවීමට සැලසුම් කර තිබේ. ඒ සම්බන්ධව රුසියානු තානාපති වැඩ්ලි නෙබෙන්සියා සඳහන් කළේ ඇමෙරිකාව විසින් යුරෝපය තුළ ගිනි ඇවිලවීමට උත්සාහ කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment