එක්සත් ජාතීන්ගේ  තානාපති සහ ස්විඩන් කාන්තාව මැරූ සාතකයන් 51කට කොංගෝ යුද්ධාධිකරණය මරණ දඬුවම නියම කරයි

612

කොංගෝ රාජ්‍යයේ ඇමෙරිකානු තානාපති මිචෙල් ශාප් සහ ස්විඩන් කාන්තාවක් වූ සයිඩා කැටලන් මහමගදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොංගෝ සැකකරුවන් 51කට මරණ දඬුවම නියම වී ඇත.

 මෙම දෙදෙනා ගමන් කළ රිය නතර කළ සන්නද්ධ පිරිසක් එකී ඝාතනය කර තිබේ. හමුදා අධිකරණය විසින් අත්අඩංගුවේ සිටි මොවුන්ට එම මරණ දඬුවම නියමකර ඇත. ඝාතනයට ලක් වූ දෙදෙනා අතුරුදන්ව සිටි අතර සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඝාතනය ගැන තොරතුරු හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment