එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනෙයි

45

පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත.

‘එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී බැංකුව මෙම ඇගයීමට ලක්වූ අතර කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන් පරිසරයට කාබන් මුදා හරින ආකාරය ස්වීඩනය පදනම් කරගත් තාක්ෂණික විසඳුම් සමාගමක් වන Doconomy AB සමග ඒකාබද්ධ වෙමින් බැංකුව විසින් ගණනය කරනු ලබයි. මෙහිදී, කොමර්ෂල් බැංකුව මෙන්ම ලොව පුරා ප්‍රමුඛතම බැංකු 25 ක් Doconomy සමාගමේ පාරිසරික බලපෑම් දර්ශකය භාවිතා කරමින් තමන්ගේ ඇප් පහසුකම් මගින් පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය මේ ආකාරයෙන් ගණනය කිරීමට කටයුතු කරයි.

මේ අනුව, Doconomy Åland දර්ශකය සමග ඒකාබද්ධ වෙමින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම තුළින් පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය ගණන කිරීමට කටයුතු කරන ලෝකයේ පළමු බැංකු 05 අතරට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment