එක්සත් ජාතීන්ගේ ‘නින්දිතයන්ගේ ලැයිස්තුව’

144

ඊශ්‍රායල සන්නද්ධ සහ ආරක්ෂක හමුදා සමග, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ අංශ, ‘නින්දිතයන්ගේ ලැයිස්තුව’ ලෙසින් ද හැඳින්වෙන ගැටුම් අතරතුර “දරුවන්ට බලපාන බරපතළ උල්ලංඝණයන් සිදු කරන” කණ්ඩායම් ඇතුළත් ලැයිස්තුවට එක් කර තිබේ.

මෙම ලැයිස්තුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ, දරුවන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ වාර්ෂික වාර්තාවට සම්බන්ධ ඇමුණුමකි.

2023 ජනවාරි සහ දෙසැම්බර් අතර කාලය ආවරණය වන පරිදි සකස් කර ඇති මෙහි නවතම වාර්තාව ජූනි 13 වන දින ප්‍රසිද්ධියට පත් කෙරිණි.

‘2023 වසරේදී, සන්නද්ධ ගැටුම්වලදී දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය උග්‍ර මට්ටම් කරා ළඟා වූයේ, බරපතළ උල්ලංඝණය කිරීම්වල 21%ක ඉතා දරුණු ඉහළ යෑමක් සමග’ බව නවතම වාර්තාවේ සඳහන් වෙයි.

‘ඝාතන සහ බරපතළ ආබාධවලට පත්වීම් බරපතළ ලෙස 35%කින් වැඩි වී ඇති බව එමගින් සොයා ගැනිණි.

2024 වාර්තාව ඊශ්‍රායලය සහ ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශය දරුවන්ට එරෙහිව වැඩිම සත්‍යාපිත ‘බරපතළ උල්ලංඝණයන්’ සිදුවන කලාපයක් ලෙස ගෙනහැර දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment