එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් රුසියාව හා යුක්රේනයෙන් ඉල්ලීමක්

254

ගිනිකොණදිග යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අවට සිදු කෙරෙන සියලු යුද ප්‍රහාරයන් වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් යුක්රේන හා රුසියන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේනයේ ‘සැපෝරිස්සියා’ න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය අවට දැනට සිදු කෙරෙන සියලු යුද මෙහෙයුම් නතර නොකළහොත් යුරෝපා කලාපය තුළ බරපතළ ව්‍යසනයක් සිදු වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනතුරු අඟවා තිබේ.

පෙරේදා (11දා) දිනයේ අදාළ න්‍යෂ්ටික බලාගාරය තුළට හා ඒ ආසන්න ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාරයන් පහක් එල්ල වී තිබුණු අතර ඉන් එක් ප්‍රහාරයක් බලාගාරයේ විකිරණ මූලද්‍රව්‍ය ගබඩා කර ඇති ගබඩාව ආසන්නයට එල්ල වී ඇති බව වාර්තා වී තිබිණි. යුක්රේන හමුදාවන් පෙරේදා දිනයේ බලාගාරයට දෙවරක් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට රුසියාව විසින් චෝදනා කර ඇති අතර මෙම ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට වගකිව යුතු බවට මෙම දිනවල රුසියාව හා යුක්රේනය එකිනෙකාට චෝදනා කිරීමට පටන් ගෙන තිබේ. මෙගාවොට් 6000 ක බලයක් ඇති විදුලිය නිපදවීමේ හැකියාවක් ඇති මෙම න්‍යෂ්ටික බලාගාරයට යම් හෙයකින් මෙම ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් හානි සිදුවුවහොත් ඉන් මුළු යුරෝපයටම දැඩි විනාශයක් සිදු වීමට ඉඩ ඇති බව විකිරණ විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment