එක්සත් ජාතීන්ගේ මහලේකම් කිව් නගරයට ගිය අවස්ථාවේ රුසියාවෙන් රොකට් ප්‍රහාරයක්  

367

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් විසින් යුක්රේනයේ සටන් පවතින කිව් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී රුසියාව විසින් නගරයට රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. අදාළ රොකට් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් යුක්රේනයේ හටගෙන ඇති යුද්ධය අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව සිය සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය දැඩි ලෙස විවේචනය කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සාමාජික රටවල් 15කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත්තේ ගෝලීය සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වුවද එම මණ්ඩලයට යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් යමක් කිරීමට නොහැකි වීම ගැන තමා බලවත් සේ පසුතැවීමට, කලකිරීමට හා කෝපයට පත්ව සිටින බව මහලේකම්වරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment