එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල අදත්

219

එක්සත් ජාතීන්ගේ 18 වෙනි වෙසක් දින සැමරුම් උත්සවය ඊයේ (1 වැනිදා) තායිලන්තයේ අයුතායා නුවර පිහිටි මහාචූලාලන්කෝන් රාජමහා විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ වුණි.

මෙය අද (02 දා) දිනයේද පැවැත්වෙයි. ‘ගෝලීය අර්බුද සඳහා මුහුණදීමට බෞද්ධ දර්ශනය’ යන්න මෙවර එහි තේමාවයි.

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයෝ සහභාගි වෙති.

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල අදත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන, බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායක ඇතුළු ගිහි පැවිදි පිරිසක් ද මෙවර වෙසක් උත්සවයට සහභාගි වන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආචාර්ය අකුරැටියේ නන්ද නායක හිමියෝ පැවසූහ.

මෙවර වෙසක් උත්සවය තායිලන්තයේ අයුතායා නුවර පිහිටි මහාචූලාලන්කෝන් රාජමහා විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සහ බැංකොක් අගනුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සමුළු මූලස්ථානයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment