එක්ස්ප්‍රස් පර්ල්ට ආණ්ඩුව සිංගප්පූරුවේ දී නඩු දාපු හැටි

164

එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇත. ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිතය. නීතිපති දෙපාර් තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි ( SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment